රියැදුරන් පුහුණු කිරීමට වුවද හැකියාවක් තිබෙන ඔහු පළපුරුදු දක්ෂ රියැදුරෙකි. අලූතෙන් එන කාර්වලට ඇකැමැති ඔහු කුලී ගමන් යාමට යොදාගෙන තිබුණේ පරණ මෝටර් රථයකි.
ඉඳහිට යම්කිසි දෝෂයක් එහි ඇතිවූ විට එය ඉවෙන් මෙන් හඳුනා ගැනීමේ දක්ෂතාවය ද ඔහුට තිබුණි. විහිළු කතන්දර රස කර කියන්නට ද ඔහුට තිබුණේ අපූරු හැකියාවකි. මේ නිසා ගමනක් යන විට කාන්සියක් පාළුවක් කාටවත් දැනෙන්නේ ද නැත.
මැදිවිය ද ඉක්මවා වැඩිහිටි වියේ පසුවන ඔහු ඉතාමත් ප‍්‍රසන්න අයෙකි. සිතින් ද ගතින් ද ඔහු තරුණය. නගරයේ කඩමණ්ඩිය කෙළෙවරේ ප‍්‍රධාන මාර්ගයට මුහුණලා දිනපතාම මෝටර් රථය පාර අයිනේ නවතා තබන්නේ කුලී ගමන් යාමට සූදානම් බව හඟවමිනි. දිනෙක දුර බැහැර ප‍්‍රදේශයකට කුලී ගමනක් යාමට බිංගිරිය ප‍්‍රදේශයේ අයෙකුට අවශ්‍ය විය.
කලින් දිනයේ කතා කර ගත් පරිදි ඔහු සමග මෝටර් රථයෙන් ගමන යාමට පැමිණි එම තැනැත්තා සමග ගමන පිටත් විය. හලාවත ප‍්‍රදේශය පසු කළ මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇදුනි. මෝටර් රථයේ වේග මීටරය කලක සිට අක‍්‍රීයව තිබුණි. මේ නිසා වේගය බලා ගැනීමට අපහසු විය. මෝටර් රථයේ රියැදුරු මහතා වේගය බැලීමට අලූත් අදහසක් ඉදිරිපත් කළේය.
එනම් වීදුරු කවුළුවෙන් එහි අතක් එළියට දමා බලන ලෙස ඔහුට කීවේය. වේගය තේරුම් ගැනීමට අපහසු වූ ඔහු ඒ පිළිබඳව රියැදුරු මහතාට කීවේය. තව ටික දුරක් ඉදිරියට ගිය පසු නැවතත් අතක් එළියට දමා බලන ලෙස රියැදුරා කීවේය. එහෙත් ඔහුට වේගය නිශ්චිතව කීමට එයින් බැරිවිය.
පසුව රියැදුරා අතක් එළියට දමා හරියටම මීටරයේ වැඩ කරන වේගයට සමාන වන ආකාරයට වේගය කීවේ නිවැරැුදි ආකාරයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මීටරය වැඩ කරන්නේ නැත්නම්, අත දලා කිව්ව වේගය හරි කියලා දන්නේ කොහොමද? (බ)
රථ වාහන නීතිය අනුව නම් ධාවනයේදී වාහනයෙන් එළියට ශරීරාංග දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි. මොහු දක්ෂයෙක්, පළපුරුදුකාරයෙකු වුවත් නීතිය ගැන ඇත්තේ අල්ප දැනුමකි (නි)
මේ ළඟදි නවීන ගුවන් යානයකත් අත එළියට දාලා කෙනෙක් වේගය කිව්වලු. (නි)
පිටබැද්දර ජයා මේ අදහස් දක්වන්නේ කොයි රටේ නීතියක් ගැනද? ජයාට රියදුරු බලපතක් තියනවද? (අ)
පිටබැද්දර ජයා ,ඉතාම මෑත අතීතය වනතුරු වාහන වලින් එලියට අත දමලා තමයි වමට දකුණට හැරවීම, වේගය අඩු කිරීම සඥා කළේ .. මේ කියන මමත් 1980 දී සහ නැවත 83 දී වාහන පන්ති දෙකකට ලයිසන් ගත්තේ අත එලියට දාලා සිග්නල් පෙන්නලයි . අදටත් හැරවීම් සඥා නොමැති පැරණි වාහන ධාවනයට නීතියෙන් අවසර ඇති අතර ඒවා පැදවීමේදී ඉහත කී ආකාරයට ජනේලයෙන් එලියට වැලමිට දක්වා අත එලියට දමා සඥා පෙන්විය යුතුයි . මේ කියන රියදුරාට නොව ඔබට රථවාහන නීතිය ගැන ඇත්තේ අල්ප දැනුමක්. (බ)
යන ප්ලේන් එකේ දොර අරගෙන බහින්න හදපු කෙනෙකුක් හිටියා. මේ ටී20 කාලේ එයා ගැන අහන්නවත් නැහැ (නි)
නවීන ජෙට් ගුවන් යානා වල වේගය මනින්නෙත් මේ ක්‍රමයටයි. ගුවන් යානයෙන් එළියට විහිදුනු බට කෑලි දෙකකට දැනෙන වායු පීඩනය මේ සඳහා උපයෝගී කර ගන්නවා. මේ මනුස්සයා තමන්ගේ අතට දැනෙන වායු පීඩනය උපයෝගී කරගෙන වේගය අනුමාන කිරීමට තරම් පළපුරුදු අයෙක්. මීට වසර විස්සකට විසිපහකට කලින් මමත් වේග මානය නැතුව කිලෝමීටර් දහස් ගානක් එළවලා තියනවා. යාළුවො කට්ටියත් එක්ක දුර ට්‍රිප් යනකොට වාහනයක් කුලියට අරන් ස්පිඩෝ කේබල් එක පන්නලා තමයි යන්නේ. මොකද බොහෝ කුලී කාර් ආයතන දිනකට නිශ්චිත දුරකට වඩා ගියොත් වැඩි වූ කිලෝමීටර් ගානට වෙනම අය කරනවා (නි)
එදා ගැන නොවේ අද ගැනයි අපේ ජයා මහත්තයා කියන්නේ. ශරීර අවයව ඕනෑ ඕනෑ විදියට එළියට දමාගෙන යන්න තියා අද වාහනයක් ඇතුළේවත් යන එක භයානක වගෙයි මට නම් පැහැදිලි වන්නේ. එ් තරමට අනතුරු (නි)
රුපවති අක්කේ, එහෙම ශරීර අවයව ඕනේ ඕනේ විදියට එලියට දාගෙන යන්න බැහැ. තමයි. ඒත් එහෙම පාරවල්වල විතරක් නෙවෙයි පන්සලටත් එන කාන්තාවෝ අපි දකිනවා. වාහනයක් පදවනකොට හස්ත සඥා මගින් තමන් පදවන වාහනය දකුණට හෝ වමට හරවන බව හෝ වේගය අඩු කරන බව වගේම තම පාර මැදට වහනය ගන්න බව දැන්වීමට දකුණු අතේ වැලමිට දක්වා එලියට දමන්න පුළුවනි. එහෙම කරන්නම බැරි වාහනවල තමයි ඔය නෝ හෑන්ඩ් සිග්නල් කියලා ගහලා තියෙන්නේ. (බ)
ඒ වගේ දක්ෂතා තියෙන අය අපි අතර ඉන්නවා (නි)
සෑම් ජයා ඔය දෙන්න වාද කරගන්න එපා අත එලියට දාන ආලේ පාරේ වාහන ටීකයිනේ තිබුනේ හිමින් යන්නත් බැහැනේ දැන්වගේ (බ)
පිටබැද්දර ජයා නොදන්නා දේට හොට දාල ඇදගෙන නානවා. (බ)
සැම් ගේ කතාවට බෙල්ලේ වැල දා ගන්න මම මේ මුරුංග ගහක් හොයනවා (බ)
සැම්ගේ කතාව හරි. හරිදේට හරි කියන්න ඕනේ (බ)
මාර කතාවක් තමයි.(හේ)