(කුලියාපිටිය - චාමර විමලරත්න)
සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප‍්‍රදේශයේ මවක් කුලියාපිටිය පොලිසියේ 119 හදිසි ඇමතුම් රථයට රාත‍්‍රී 9.00ට පමණ දුන් දුරකථන ඇමැතුමක් අනුව එම රථයේ නිලධාරීන් එකී නිවෙසට ගොස් විමසුම් කිරීමේ දී කලහකාරී ලෙස හැසිරුණු බවකී දරුවා නිවෙසේ නිදිසුව විඳිනු පොලිස් නිලධාරීහු දුටුවහ.
පොලිස් නිලධාරියා: මේ දරුවා කාගේද?
මව: මගේ. මෙයා කියන දෙයක් අහන්නේ නෑ. අකීකරුයි. ?ට කෑම ටික කවන්නේ යුද්ධයක් කරලා. පොලිසියෙන් එනව කිව්වමයි ගිහිල්ල නිදාගත්තේ.
පොලිස් නිලධාරි: ජීවිත හා දේපළ ආරක්ෂා කරගත යුතුව ඇති හා සාමය හා නීතිය කඩවන අවස්ථා උද්ගතවූ විටෙක පමණයි 119ට දැනුම් දිය යුත්තේ.
දරුවා කියන දේ අහන්නේ නෑ, අකීකරුයි කියලා 119ට කීම එහි වටිනා රාජකාරිය නොවටිනා ලෙස හෑල්ලූ කිරීමක්. පොලිසිය කියන්නේ බිල්ලෙක් කියල දරුවන්ව රවට්ටන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ මෝඩ අය නිසා තමයි අපි තවම මේ ලෝකේ යල් වැදිලා ඉන්නේ. අවවාද දීලා මදි (නදී)
මේ වගේ කතා නල දැන් දැන් වැඩිවීමක් පේනවා. මේ යුගය මිනිසුන්ගේ සිත් විකල් වෙන යුගයක් දෝ කියා සිතෙනවා (නදී)
ගැනුන්ගේ අමාරුවට නෙවෙයි 119 තියෙන්නේ.පොලිසියට තව වැඩ තියනවා.තමුන්ගේ ළමය හදාගන්න බැරිනම් මොකටද වැදුවේ. (අ)
අනේ මෙහෙමත් අම්මලා.(හේ)
ළමයෙක් නලව ගන්නත් බැරි, ළමයෙක් අවවාදයක් දිලා හදාගන්නත් බැරි. ඔය වගේ කට්ටිය නිසා තමයි උසාවි වල නඩු පිරන්නෙත්.(හේ)
අන්න ඒකට තමයි නූතන සමාජයේ අම්මගේ ආදරය කියන්නේ! (නි)
අර බට්ටි ඇන්ටිට තලපු පොලිස් අන්කල්ට කෝල් කරනවා කිව්වා නම් දරුවා බත් මුට්ටියම කයි. (නදී)
පොලිසිය කියන්නෙත් එක්තරා බිල්ලෝ ජාතියක් තමයි. (අ)
අනේ ඇත්තට මෙහෙමත් අම්මලා! (නි)
ගෝනිබිල්ලෝ ගැන කියලා බයකළා නම් හරි (නි)
පොලිසියේ වැරැද්ද. ළමා හා කාන්තා අංශයට යොමු කරන්න තිබ්බා. (නදී)
බැලුවහම අම්මනේ බබා වෙලා තියෙන්නේ. (නදී)
ප්‍රසන්න ඔබ හරි (දිල්)
.ගල්පොල පැත්තේ අම්මලා විතරක් නොවෙයි තාත්තලගෙත් තත්වය ඔහොමයි මාත් ඔය කිට්ටුව තමා.(අ)
පොලිසියේ අවවාදයට ගරු කරනවා.මෙහෙමත් මෝඩ ගැහැණු...! (නි)
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු....(අ)
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ. අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)
මෙහෙම බලමුකෝ. මේ ළමයට දෙමාපියන් ගහලා ළමයා තුවාල වුණොත් පොලිසියෙන් දෙමාපියන්ව පොලිසියට ගෙන්වනවා. එහෙම නම් මෙහෙම දඟ ළමයින්ව පොලිසියෙන්වත් හදාදෙන්න. නැත්නම් අපිට දඬුවම් කරන්න ඉඩදෙන්න (නි)
මෙහෙම පොලිසිය විහිලුවකට හෝ පුද්ගලික අවශ්‍යතාවන් වලට යොදාගනී නම් ඔවුන්ට තරයේ අවවාද කර හෝ උසාවියට ඉදිරිපත්කළ යුතුය. (නි)
පොලිසියට මම පුද්ගලිකව කැමති නැහැ.නමුත් පොලිස් නිලධාරියා මවට පැවසු වදන් 100%ක් නිවැරදයි. (නි)
අනේ ඇත්තට අපේ අයගේ වැඩ! (නි)
ඔන්න බබෝ බිලූ එනවෝ (අ)