(කිරිඳිවැල - උපාලි රණවීර)
ගැහැනු යට ඇඳුමකින් සැරසී රාත‍්‍රී කාලයේදී නිවාසවල කාන්තාවන් සිටින කාමරවලට එබිකම් කිරීමේ නිරතව සිටි බව කියන 30 හැවිදිරි ආරක්ෂක අංශයක සෙබළකු නිවැසියන් කළ දැනුම්දීමකට අනුව අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.
මෙම සැකකරුගේ ක‍්‍රියාකලාපය නිසා අහුගම්මන හා දෙමළගම ප‍්‍රදේශවල කාන්තාවන් භීතියට පත්ව සිට ඇති බව පොලිසිය කියයි.
හමුදා කඳවුරක සේවයේ නිරතව සිටින බව කියන සැකකරු අවිවාහකයෙකි. ඔහු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්. රණතුංග මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නිරෝෂන්, සැරයන් (2810) කුමාර, කොස්තාපල් (87745) ඉසුරු යන නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට අත නොතබනු.
මොහු යම්කිසි මානසික ප්‍රශ්නයකින් පෙලෙන බව පේනවා. මානසික වෛද්‍යවරයෙකුට යොමු කලානම් හරි.
මෙම මානසික තත්ත්වය උපදේශනයකට යොමුකිරීමෙන් සුවකල හැක. නමුත් මත්පැන් බීම සදහටම අත්හැරිය යුතුයි. මත්පැන් පානයේදී මෙම මානසික ගැටලුව උග්‍රවේ.
ගොන් කොමෙන්ට්ස් දාන්න එපා.