IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදලට ගහක් කපන්න ඇවිත් ගෙහිමියාට වන්දියකුත් ගෙවලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
නිවෙසකට අනතුරක් වන ආකාරයෙන් පිහිටා තිබූ ගසක් කපා ඉවත් කිරීමට ගොස් නිවෙසට හානිවන අයුරෙන් එම ගස කපා දැමීම හේතුවෙන් වන්දියකුත් ගෙවා හිස් අතින් ගෙදර යාමට ගස් කපන්නෙකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


නිවෙසක ඉදිරිපස මිදුලේ තිබූ විශාල අඹ ගසකි. එය නිවෙසට අනතුරුදායක බැවින් එය කපා ඉවත් කිරීමට ගෘහ මූලිකයා තීරණය කළේය. ඒ අනුව ඔහු ප්‍රදේශයේ සිටින ගස් කපන්නකු කැඳවා කටයුත්ත ඔහුට පැවරුවේය.


ගස කැපීමට පෙර එහි අතු කපා දැමිය යුතු වූ බැවින් ගස් කපන්නා සමඟ පැමිණි සහායකයා ගසට නැඟ අතු කපන්නට විය.


නිවෙස පැත්තට වන්නට තිබූ අතු ටික හනි හනිකට කපා දැමූ ඔහු ගසෙන් බසින්නට සූදානම් වන බව දුටු නිවෙස් හිමියාට දැක ගන්නට ලැබුණේ තවත් දිගු අත්තක් ඉතුරුකර ඇති බවයි. යම්කිසි ලෙසකින් ගස කපන විට කැරකී ගියහොත් එය වහලයේ වැදීමට ඉඩ ඇති බැවින් එම අත්ත ද කපා දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය. නමුත් ගස් කපන්නා එය ගණනකට නොගත්තේය. 


බිම සිටි ප්‍රධාන ගස් කපන්නා ද
“ඕක වදින්නෙ නෑ මහත්තය”_ කියමින් වහසි බස් කීවේය .
“වැදුණොත් අලාබ ගෙවන්න වෙයි”_ නිවෙස් හිමිකරු කීවේය.


“හරි, හරි, එහෙම වුණොත් බලාගමු” කියූ ඔවුහු ගස කැපුවෝය. නිවෙස් හිමිකරු කී ලෙසින්ම ගස කැරකී ගොස් දිගු අත්ත වහලයේ වැදී ඇස්බැස්ටස් තහඩුවක් කැඩී ගියේය.


කටඋත්තර නැතිවූ ගස් කපන්නෝ දෙදෙනා පිටවී ගියහ. ටික වේලාවකින් සෙවිලි තහඩුවක් ලොරියක පටවාගෙන පැමිණ එය වහලට සවි කළහ. ගස කැපීමට පොරොන්දු වූ මුදලට වැඩි මුදලක් ඒ සඳහා වැයවී තිබිණ.


මින්පසු මෙවැනි වැඩ කරන විට පණ්ඩිත නොවී අනෙක් අයගේ ද අදහස්වලට ඇහුම්කන් දෙන ලෙස අවවාද කළ නිවෙස් හිමිකරු අලාභ වූ මුදල ද ඔහුගේ අතින් ගෙවා දැම්මාලු.

 



අදහස් (0)

මුදලට ගහක් කපන්න ඇවිත් ගෙහිමියාට වන්දියකුත් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site