IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරිය අස්සේ ‘අත්‍යවශ්‍ය ලේබලයෙන්’ නංගිගේ මඟුල් කාඩ් බෙදූ අයියා දැලේ

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැගණියගේ විවාහ උත්සවයකට කාඩ් බෙදමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.


ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රියක අත්‍යාවශ්‍ය සේවා යන දැන්වීම සවි කර ගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය පොලිසිය පරීක්ෂා කර ඇති අතර එහි කිසිදු අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැගණියගේ විවාහ උත්සවයට කාඩ් බෙදමින් සිටි බව හඳුනා ගැනීමට හැකිව තිබේ. ඒ සැකකරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි කරුණාවංශ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීමට පියවර ගත්තේය.



අදහස් (1)

ඇඳිරිය අස්සේ ‘අත්‍යවශ්‍ය ලේබලයෙන්’ නංගිගේ මඟුල් කාඩ් බෙදූ අයියා දැලේ

rama Tuesday, 07 April 2020 08:43 AM

මගුල අත්‍යවශ්‍ය වැඩක් නෙවේද? කොරෝනා වලින් මැරෙන්න ඉස්සර බදින්න ඕන නේද ?

:       57       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site