IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මල්ලකට අතදාලා ඉල්ලන් කාලා

මත්ද්‍රව්‍ය මුළු රටම වෙලාගෙනය. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිසියද සිටින්නේ පෙරට වඩා විමසිල්ලෙනි. මහමග යන එන කාදෙසත් පොලිසිය විමසිලිමත් වන්නේ මේ කුඩු ජාවාරම හා කුඩු බෙදාහැරීම මහ දවාලේ පවා සිදුවන නිසාය.

මහනුවර ප්‍රදේශයේ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ රාලහාමිලා දෙදෙනෙකු මාර්ග නීති කඩන රියදුරන් අල්ලන්ට ප්‍රධාන පාර අසලට ගියේ යතුරුපැදියෙනි. යතුරුපැදිය පැත්තක නවතා මාර්ගයේ යන එන වාහන පරික්ෂා කරන්නට ගත්තා පමණි. සැකකටයුතු වාහන පරීක්ෂා කරමින් මොවුන් දෙදෙනා කිහිප දෙනකුට දඩ කොළ ද ලියා දුන්නේ රථවාහන වැරදිකරුවන්ට අවවාද ද කරමිනි. යතුරුපැදියක නැගී තරුණයින් දෙදෙනකු එනු දුටු එක් පොලිස් නිලධාරියෙක් යතුරුපැදිය නතර කිරීමට අණ කළේය.

සැනින් යතුරුපැදිය නතර කෙරිණි. රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය ඇතුළු ලියකියවිලිවල ප්‍රශ්නයක් නැත. නමුත් ඒ තරුණයින් දෙදෙනාගේ හැසිරීම නම් පොලිස් නිලධාරීන් දෙපළට ඇල්ලුවේ නැත. මොනවද ඔය මල්ලේ ඇතිවූ සැකය මත එක් පොලිස් නිලධාරියෙක් මල්ල අතේ තබාගෙන සිටි තරුණයාගෙන් විමසීය. නෑ සර්... නෑ සර්... මේ.. මේ.. තරුණයා ගොත ගසන්නට විය. ඉහෙන් කනින් ඩාබිඳු ද මතුවන්නට විය. කෝ.. ගන්නව බලන්න මෙහාට එක් පොලිස් නිලධාරියෙක් උරය ඇද එයට අත දැමීය. එපා එපා සර්... බලාගෙන තරුණයා එසේ කියද්දී පොලිස් රාලහාමි උරයට අත දමා හමාරය. බුදුඅම්මෝ මගෙ අත ඉවරයි කියමින් පොලිස් රාලහාමි කෑග සන්නට විය. උරය තුළින් එළියට ආ තඩි මීයන් පොලිස් රාලහාමිගේ ඇඟ දිගේ යමින් කැලයට දිව ගියේ අහළ පහළ මාර්ග යේ ගමන් ගත් මිනිසුන් බඩ අල්ලාගෙන සිනහවෙද්දීය.

අනේ සර් සමාවෙන්න. අපි කැලේට විසිකරන්න ගිය මීයෝ ටික සර්මනේ ඇඟේ දාගත්තෙ කියමින් තරුණයින් දෙදෙනා යතුරුපැදියේ නැගී ගියේ හොඳ වැඬේ වුණේ කියමිනි. කටුගස්තොට ධම්මික ගුණවර්ධන



අදහස් (0)

මල්ලකට අතදාලා ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31348 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13566 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site