IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න ගිහින් අතින් කයි

මොරගොල්ලාගම - සිසිර කැලේගම
සැමියාගේ ආදරය කෙසේ දැයි පරීක්ෂා කිරීමට ගිය බිරියකගේ මුදලට තට්ටු වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.


පෙම් සබඳතාවකින් විවාහ වූ යුවළකි. ඔවුන්ට අධ්‍යාපනය නිම වූ දුවෙක් හා පුතෙක් සිටිති. දරුවන් ද රැකියාවල නියැළී සිටින නිසා යුවළ පමණක් නිවසේ රැඳී සිටිති. වියපත් වුවත් දෙදෙනා ඉතා ලෙන්ගතුව වාසය කරති.


දිනක් සැමියා නිවෙසින් බැහැරව යාබද ගෙදරකට ගියේය. එසේ යන්නේ ඇයි ද කියා බිරිය දැන නොසිටියාය. රාත්‍රිය උදා වුණත් සැමියා පැමිණියේ නැත. සැමියාගේ දුරකතනය ද විසන්ධි වී තිබේ.


එහෙත් ඔහු නැවතී සිටින නිවෙස් හිමියාගේ දුරකතන අංකය ඇය සතුව තිබුණාය. ඇය එන්නට පමා වූ සැමියා ගෙන්වා ගැනීමට උපක්‍රමයක් යෙදුවාය. 


“අනේ මල්ලී මං කුස්සියේ දී ක්ලාන්තයක් හැදිලා වැටුණා. හුස්ම ගන්න ටිකක් අමාරුයි. මට ඉස්පිරිතාලෙ යන්න ඕනෑ.”
ඒ වනවිට සැමියා ඇතුළු පිරිස මත්පැන් තොළ ගාමින් සිටියහ. සිද්ධිය දැනගත් ඔවුහු මත් වතුර හා බයිට් වර්ග එතැනම දමා එම නිවෙසට දිව ගියහ. එය ඇසූ එම නිවැසියෝ හා අවට වැසියෝ ද ඔහු පසුපස දුවන්නට වූහ.


කලබලයෙන් නිවසට ගිය අයට බිරියගේ බොරුව දැක ගැනීමට හැකි විය. පසුව පැමිණි පිරිස එතැනින් ආපසු මත් තොළ ගෑමට ගියත් එහි සිටි බල්ලන් අරක්කු බෝතල් පෙරළා දමා බයිට් වර්ග සියල්ලත් කා දමා තිබුණි.


අවසානයේ රැස්ව සිටි පිරිස් එහි සිටි තැනැත්තාට තම බිරිය කළ විහිළුව නිසා සිදු වූ හානිය ගැන කියමින් දොස් නගන්නට විය.


ඉන් ලැජ්ජාවට පත් සැමියා බිරිය සොයා ගොස් ඇය සමඟ අඬදබර වී මුදල් ඉල්ලාගෙන නික්ම ගොස් මැදියම් රැයේ තැබෑරුමත් වසා තිබූ නිසා වැඩි මුදලට අරක්කු බෝතල් හා බයිට් වර්ග සොයා ගෙනැවිත් දුන්නේය. 

 



අදහස් (0)

සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න ගිහින් අතින් කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site