IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොරෝනාවට බයවෙලා: මාසයක් බඩගින්නේ ඉන්නවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
 කොරෝනාවට බිරියගේ පැවැති අනිසි බිය නිසා සැමියාගේ පඩි පත සමග මුදල් පසුම්බිය හා වටිනා අත්ඔරලෝසුව නැතිවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.


 ඔහුගේ බිරිය කොරෝනා රෝගයට දැක්වූයේ අනිසි බියකි. කොරෝනා මර්දනය කිරීමට අවශ්‍ය නැති ක්‍රියාවලට ද ඇය පෙළැඹී සිටියේ මේ නිසාය.


 ගෙදරින් ගිය සැමියා යළි නිවෙසට එද්දී ඇය දමා ඇති තහංචි ගොඩකි. නීති රැසකි. ඔහු නිවෙසට එන සෑම අවස්ථාවක දී රැගෙන එන සියලු‍ම දෑ පැයක් දෙකක් එළි මහනේ තබා වේළිය යුතුය. අත් ඔරලෝසුව , මුදල් පසුම්බිය ද ඊට ඇතුළත්ය. ඉන් අනතුරුව ඇඟලා ගිය ඇඳුම් පැළදුම් ද සෝදා කුස්සිය පැත්තේ එළිමහනේ තිබෙන ජල කරාමයෙන් නා පිරිසුදු ඇඳුම් ඇඳලා නිවෙසට ඇතුළත් විය යුතුය. ඔහුට පනවා තිබෙන මේ කොරෝනා මර්දන නීතිරීති පිළිබඳව අසල්වාසීන් මෙන්ම නෑ හිතවතුන් ද දැන සිටියේ බිරිය ඒ සම්බන්ධයෙන් ඔවුන් ද දැනුම්වත් කර තිබූ නිසාය.


 එදා ඔහු නිවෙසින් එළියට ගියේ සිය සේවා ස්ථානයෙන් පඩි පත රැගෙන ඒමටය. පඩි පත ගත් ඔහු නිවෙසට අවශ්‍ය අඩුම කුඩුම ද රැගෙන යළි නිවසට විත් බිරිය පණවා තිබූ කොරෝනා මර්දන නීතිමාලාව ක්‍රියාත්මක කළේය. රැගෙන ආ බුඩු මුට්ටු හා මුදල් පසුම්බිය මෙන්ම අත් ඔරලෝසුව ද ගලවා දමා අව්වේ වේළීමට කටයුතු කළේය.


 වෙනදා මෙන් දෙපැයක් ගත කර ඔහු තමාගේ මුදල් පසුම්බිය හා අත්ඔරලෝසුව ගැනීමට එළියට ගියේය. ඔහුගේ ඉහමොළ රත් වූයේ තිබූ තැන ඒ වා නොතිබුණු දැකීමෙනි. මේ කොරෝනා මර්දන නීතිය නිසා සිය පවුලටම මේ මාසයේ බඩගින්නේ සිටීමට සිදු වෙතැයි බිරියට දෙස් දෙවොල් තැබූ ඔහු මේ දිනවල තමාගේ මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, සේවා හැඳුනුම්පත, බැංකු කාඩ්පත් ඇතුළු වැදගත් ලිපි ලේඛන පිළිබඳව තොරතුරක් ලැබෙන තුරු ඉවසිලිවන්තව සිටිනවාලු‍.

 



අදහස් (0)

කොරෝනාවට බයවෙලා: මාසයක් බඩගින්නේ ඉන්නවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site