IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කුණුකූඩයට දාන්න ගිය පරිගණකයට 60,000 ක් ගෙවලා

කොලොම්පුරේය. උසස් නිලධාරියෙකි. ඔහුගේ ලැප්ටොප් පරිගණකය ක‍්‍රියාවිරහිත විය. දිවා විවේකයේදී පරිගණක අලෙවි සලකට පිවිසි හෙතෙම අලූත්ම ලැප්ටොප් පරිගණකයක් මිලට ගත්තේය. කාර්යාලයට පැමිණියේය. කාර්යාලයේ තමා සිටිනා මහල පිරිසුදු කරන තරුණයා ඇමතුවේය. පරණ ලැප්ටොප් පරිගණකය දුන්නේය. ඔහුට ”මේක ඩස්ට් බින් එකට දාන්න” පැවසීය.


එය රැුගෙන පහත මහලට පැමිණි සේවකයා තමා විවේක ගන්නා කාමරයේ එය තැබුවේය. නිවෙසට රැගෙන යෑම සඳහාය. මේ අතර පිරිසුදු කිරීමේ ආයතනයේ සුපවයිසර් මහතා එතැනට පැමිණියේය. මේසය මත තිබෙන පරිගණකය දුටු ඔහු ”මේක කොහෙන්දැයි” විමසීය. ”සර් මේක කැඩිච්ච එකක් විසි කරන්න කියලා උඩ තට්ටුවක සර් කෙනෙක් දුන්නා. මම ගෙදර ගෙනියන්න අරන් තිබ්බා” සේවකයාගේ පිළිතුර විය.


” ඕක ඔයාට මොකටද?  ඕක හදාලා ගන්න පුළුවන්. අපේ පුතාට දෙන්න හදාගන්න පුළුවන්.”යැයි සුපවයිසර් කීවේය. සේවකයා ශෝකයෙන් බලා සිටියදී පරිගණකය රැුගෙන ගියේය. පසුදින පැමිණි සුපවයිසර් සේවකයා අමතා ”අර ලැප්ටොප් එක  හදන්න රුපියල් එක්දහස් පන්සීයක් ගියා. ඒක ඒ කඩෙන්ම රුපියල් හැටදාහකට ඉල්ලූවා. හොඳ වර්ගයේ එකක්ලූ. සේවකයාට තරු පෙනුණි. ”අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණා” තමාටම කියාගත් සේවකයා දීර්ඝ සුසුමක් හෙළීය.
 

 



අදහස් (0)

කුණුකූඩයට දාන්න ගිය පරිගණකයට 60,000 ක් ගෙවලා

භානු Monday, 01 December 2014 10:51 AM

මෙහෙම එක පාරටම විසි කළා කීවාම හරි පුදුමයි. ආයතනයේ උසස් නිලධාරියෙක් නම් ඒකෙ ආයතනයට අදාළ දත්ත තිබිලා නැද්ද ? (දිල්)

:       0       0

නිශාන්ත Tuesday, 02 December 2014 02:14 PM

මේවා ට කියන්නේ ගොන් අාතල් කතා කියලා. (ස)

:       0       0

විල්බට් Monday, 01 December 2014 07:11 AM

ලැප්ටොප් එක ක්‍රියා විරහිත වු පමණින් කුනු කූඩයට විසි කළ මේ ලොක්කා කව්ද අප්පේ ? (නදී)

:       0       0

රුවන් Monday, 01 December 2014 07:12 AM

කව්රුවත්ම පරිගණකය කැඩුනාම කුනු කුඩේට දාන්නේ නැහැ. මොකද එහි සියලු දත්ත තියනවා. ඒවා හරිගස්සා ගන්න උත්සහ කරනවා. (නදී)

:       0       0

රුවන් Monday, 01 December 2014 07:16 AM

මේ කතාව ඇත්තක් නම් සුපවයිසර් කරලා තියෙන්නෙ වරදක්. සේවකයා පරිගණකය හොරකන් කරපු එකක් නෙවේනේ. මනුස්සකම ටිකක් හෝ තිබුනා නම් රුපියල් 30000 ක් හරි දෙන්න තිබුනා. (නදී)

:       0       0

උයන්ගොඩ Monday, 01 December 2014 11:31 AM

සමහර ලොක්කන් ඔහොම තමයි.(හේ)

:       0       0

කපිල Wednesday, 03 December 2014 04:20 PM

ලොක්කා ඒකෙන් කිසිම වැඩක් කරලා නැහැ කියලා නම් පෙනෙනවා. (නි)

:       0       0

සම්පත් Monday, 01 December 2014 09:05 AM

මෙහෙම දේවල් තමයි හැමතැනම වෙන්නේ. සේරි වාණිජ වෙළෙන්දාගේ කතාව වගේ (නදී)

:       0       0

උදාරත් Monday, 01 December 2014 09:36 AM

ලැප්ටොප් වගේ සියුම් දේවල් හොඳට බලලා පාවිච්චි කරන්න ඕනේ (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 02 December 2014 12:40 AM

මේ වගේ වැඩ ගොඩාක් සිද්ද වෙනවා. නමුත් අපිට දැන ගන්න පුළුවන් වෙන්නේ කතා වල එක කොටසක් විතරයි. අනිත් කොටස් වල අට ලෝ දහම ගැන ඔප්පු වෙනවා. නමුත් අපිට කියන්නේ නැහැ. සැම දෙයම තාවකාලිකාවේ. (නදී)

:       0       0

මාලක Tuesday, 02 December 2014 01:12 AM

රුපියල් 60,000 වටිනවා කියුවාට ගෙවල නෑ නේද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30518 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site