IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉලන්දාරියා දියනාන කතගේ රුවට වශීවී පොලිස් කූඩුවේ

නිකවැරටිය නගරයේ පැවති දේශපාලන රැස්වීමකට ගොස් ආපසු  යමින් සිටි බීමත් පුද්ගලයකු නගරයේ අතුරු මාවතක නිවෙසක් අසල දියනාමින් සිටි කාන්තාව බිය ගැන්වූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.


 නිවසේ මිදුලේ සකස් කර තිබූ දියනාන ස්ථානයේ රාත්‍රී 8.00ට පමණ කාන්තාව  දියනාමින් සිටි ස්ථානයට තරුණයා ගොස් ඇති අතර බියට  පත් කාන්තාව දිය නෑමේ දී තරුණයා ද ඇය පසුපස එලවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ කාන්තාව පය පැටලී වැටීමෙන් දෑත් දෙපා තුවාල වී ඇති බව ද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. 


සැකකාර තරුණයා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පදිංචි අයෙකු බවද ඉකුත්දා දේශපාලන රැස්වීමට ගොස් එය අවසන්වීමෙන් පසුව මත්පැන් බෝතල් හතරක් ගෙන මිතුරන් සිවු දෙනෙකු සමග පානය කළ බව ද ඉන්පසුව මිතුරන් තමා අතහැර ගිය බව ද තමාට කුමක් සිදු වුවා ද කුමන මාර්ගයක ගියා ද යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බව ද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.


 ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලිසියට බාරදී ඇති අතර සිද්ධිය පිළිබඳව නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. 
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

 



අදහස් (0)

ඉලන්දාරියා දියනාන කතගේ රුවට වශීවී පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site