IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොන්දොස්තර මාරුවෙලා පොලිසියට පටලැවිල්ලක්

වේගයෙන් ආ යතුරපැදියක් කොළඹ සිට ධාවනය ඇරඹූ පෞද්ගලික බස් රථයේ හැපුණා. එහි පැමිණි තරුණයා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කළේය. ඒ අතර අවටින් පැමිණි සෙනඟ දුටු බසයේ රියැදුරු වහාම පොලිසියට ගොස් සිද්ධිය දැනුම් දී බාරවිය. ඒ අනුව පොලීසිය වහාම කි‍්‍රයාත්මක වී අනතුර වු ස්ථානයට  පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළේය. අනතුර සිදුකළ පෞද්ගලික  බසය පාර මැද නතර කර තිබුණි. ඊට ඉදිරියේ දැඩි ලෙස හානියට පත් යතුරුපැදියක්ද බිම පෙරැළි තිබුණි. පාර මැද  ලේ සලකුණු ද තිබුණි .එම ස්ථානයට විශාල පිරිසක් එක්  රොක් වී සිටි අතර එහි ආ පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ ඇරඹූහ. අනතුර සිදුකළ රියැදුරු පොලිසියේ රඳවා ආ බැවින් රැස්ව සිටි අයගෙන් විස්තර විමසූ අතර එක් නිලධාරියෙක් ''කෝ මේ බස් එකේ කොන්දොස්තර” යි ප‍්‍රශ්න කළේය. සෙනඟ අතර බස් ටිකට් නිකුත් කරන මැෂිමක් හා නෝට්ටු ඇඟිලි අතර රඳවා සිටි  තරුණ ගැටයෙක්ද සෙනඟ අතර සිටියත් පොලිස් නිලධාරින්ගේ  ප‍්‍රශ්න කිරීම ඔහු ගණන් නොගෙනම සිටියේය. ''කෝ මේ කොන්දොස්තර” පොලිස් නිලධාරියා යළි විමසීය. රැස්ව සිටි පිරිස් තමන් අතර ටිකට් මැෂිම තියාගෙන සිටි තරුණ ගැටයා නිලධාරියාට පෙන්වමින් ''සර් මේ මෙතන ඉන්වායි’’ කීහ. ඔහු ළඟට ගිය පොලිස් නිලධාරියා  ''තමුසේ කොන්දොස්තරද?”   විමසු විට ''ඔව් සර් මම කොන්දොස්තර තමයි” කැඩුණු සිංහලෙන් පිළිතුරු දුන්නේය. එහෙම නම් නගිනවා ජිප් එකට, යි පොලිසිය කි විට බියට පත් ගැටයා ''සර් මට ,මට”යි තැනනුවේය. ඒවා හරියන්නේ නැහැ නගිනවා ජිප් එකට කට උත්තර අරන් අරින්නම්”යි කියමින් ඔහු අල්ලා ජීප් එකට දාගෙන ආ එක් නිලධාරියෙක් ඔහුව පොලිසියේ බංකුවක් මත වාඩි කරවිය. ද්‍රවිඩ ජාතික තරුණයා දැඩිලෙස බියට පත්ව නිහඬව බංකුව මත වාඩිවිය. ඒ සමඟම සෙනග පිරිණු පෞද්ගලික බසයත් පැමිණ පොලිසිය ඉදිරිපිට නතර කළේය. එහි රියැදුරු බිමට බැස පොලිසියේ ගේට්ටුව ළඟ සිටි නිලධාරියා දැනුම්වත් කර රථවාහන ඒකකයට පිවිසියේය. එහි බංකුවක් මත කලින් රැගෙන ආ කොන්දොස්තර ගැටයා වාඩිවී සිටිනු දුටු රියැදුරු නිලධාරියකු ළඟට  ගොස් ‘‘සර්  ....අර බංකුවේ ඉන්නේ මගේ බසයේ කොන්දොස්තර. කට උත්තරය ගන්න අරං ආවලූ. මොනවාටද සර් මිනිහගෙන් කට උත්තර ගන්නේ’’. රියැදුරු විමසූ විට පටලැවිල්ල තේරුම් ගිය අතර බංකුවේ හුන් කොන්දොස්තර ගැටයා කැඳවා ප‍්‍රශ්න කළේය. කොළඹ සිට ආ බසය අනතුර සිදුකළ තැනට ආ විට අනතුර බලන්න ගොස් සෙනඟ අතර සිටි කොන්දොස්තර වැරදීමකින් කටඋත්තර ගැනිමට රැගෙන විත් තිබූ බව මෙහිදී හෙළිවිය. ටිකට් මැෂිම හා නෝට්ටු අතේ තිබු නිසා කවුරුත් ඔහු අනතුර සිදුකළ බසයේ කොන්දොස්තර යැයි හිතා ඔහු පොලිසියට යොමුකිරිම නිසා මෙම පැටලැවිල්ල වි ඇති බව වැටහුණි. වු ප‍්‍රමාද දෝෂය තේරුම් ගත් පසු පොලිසිය ඔහු මුදා හැර ඇත.



අදහස් (0)

කොන්දොස්තර මාරුවෙලා පොලිසියට පටලැවිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site