IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ෆොටෝ හුටපටයකට පෙම්වතාට මළ පැනලා

කැලණිය ලාල් එස්. කුමාර


ඡායාරූප ශාලා හිමියකුගේ වැරැද්දක් නිසා තරුණියකට සිදුවෙන්නට ගිය ඇබැද්දියක් පිළිබඳ කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
මෙම සිද්ධියට සම්බන්ධ තරුණිය පෞද්ගලික ආයතනයක සේවය කළාය. ආයතනයේ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ආයතනයේ පාලනාධිකාරිය විසින් දින දෙකක් සේවකයන්ට දන්වා තිබිණි. කෙසේ හෝ මෙම සිද්ධියට සම්බන්ධ තරුණියට එම දින දෙකේම සේවයට යාමට නොහැකි විය. ඊළඟ සතියේ මෙම තරුණිය සේවයට ගිය අවස්ථාවේදී පාලනාධිකාරිය විසින් දන්වා සිටියේ ඇයගේ සේයාරූ දෙකක් ලබාදෙන ලෙසයි. 


ඒ අනුව ඇය පෞද්ගලික ඡායාරූප ශාලාවකට ගොස් කාරණය පවසා සිටියාය. ඡායාරූප හතරක් ලබාදෙන අතර ඒ සඳහා රුපියල් 400ක් ගෙවන ලෙස ඇයට දැන්වීය. ඒ අනුව මුදල් ගෙවා කැමරාවට මුහුණ දුන් ඇයට පසුදින පැමිණ එම සේයාරූ ලබා ගෙනයෑමට පැමිණෙන ලෙස ඡායාරූප ශාලා හිමියා දැන්වීය. 
පසුදින උදෑසන සේවයට යන ගමන් ඇය ඡායාරූප ශාලාවට ගොස් ඡායාරූප ලබාගෙන කඩිමුඩියේ සේවයට ගියාය.
 එහි ඡායාරූප හතරක් ඇති බව ඡායාරූප ශාලා හිමියා ඇයට දැන් විය. ආයතනයට ගිය ඇය ලියුම් කවරයේ තිබූ සේයාරූ දෙකක් ආයතනයට ලබා දුන්නාය. ඉතිරි සේයාරූ දෙක මුදල් පසුම්බියේ තබා ගත්තාය. 
 සති අන්තයේ ඇය තම ආදරබර පෙම්වතා හමුවූවාය. ඔහු සමග පෙම් බස් දොඩමින් සිට පසුව ආපනශාලාවට ගියේ තම පෙම්වතාගේ ආරාධනාවකට අනුවයි. එහිදී ආහාර ගැනීමෙන් පසුව තම පෙම්වතා මුදල් ගෙවීමට සැරසෙන අවස්ථාවේදී ඇය තම මුදල් පසුම්බිය විවෘත කර මුදල් ගෙවීමට ඉදිරිපත් වූවාය. එහිදී ඔහු එය ප්‍රතික්ෂේප කළත් ඇය මුදල් ගෙවීමට ඉදිරිපත් වීම නිසා ඔහු ඇයගේ මුදල් පසුම්බිය ලබා ගැනීමට කටයුතු කිරීම නිසා මුදල් පසුම්බිය බිම වැටී එහි තිබූ දේ විසිරී ගියේය. 
එහි තිබූ රිසිට් පත් අතර පෙර දින තමා ගත් ඡායාරූපවලින් දෙකක් ඉතිරි වී තිබූ අතර, එයද බිම වැටී තිබුණි. ඔහු එය අහුලා ගත්තේය. එම පින්තුර දෙකෙන් එක් පින්තූරයක් තරුණයකුගේ විය. එහිදී ඔහු හා ඇය අතර කතාබහකට මගපෑදුණි. ඇයටත් මෙය ප්‍රහේලිකාවක් විය. කරුණු අවබෝධ කරගත් ඇය සිද්ධිය පිළිබඳව තරුණයාට කරුණු පැහැදිලි කර දුන් නමුත් ඔහු තුළ සැකයක් ඇතිවිය. 
අන්තිමේදී මේ පිළිබඳව ඡායාරූප ශාලා හිමියාගෙන් විමසීමට දෙදෙනාම එම ඡායාරූප  ශාලාවට ගියහ. 
සිද්ධිය පිළිබඳ ඡායාරූප ශාලා හිමියා ඔවුන්ගෙන් සමාව අයැද සිටියේය.



අදහස් (0)

ෆොටෝ හුටපටයකට පෙම්වතාට මළ පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site