මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ
මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය තම මිතුරා ඩැහැගෙන ගිය බැවින් ඇය ලබාදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසියේ පිහිට පැතූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලිසිය පැවසූ අයුරින් සිද්ධිය මෙසේය
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් අගලවත්ත ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු මුහුණු පොත හරහා හඳුනාගෙන ටික කාලයක් මිතුදම් පැවැත්වූවාය. එහිදී මිතුරන් දෙදෙනකු වූ තරුණයන්ගෙන් එක් අයකු තරුණියගේ පෙම්වතා ලෙසත් අනෙක් තරුණයා සාමාන්‍ය මිතුරකු ලෙසත්
ඇසුරු කරමින් සිටියදී තරුණියත් පෙම්වතාත් හොර රහසේ විවාහ වීමට තීරණය කළහ.
ඒ අනුව පෙම්වතා තම මිතුරා ද සමග රුපියල් 25,000 ක කුලී ගාස්තුවක් ගෙවා ත්‍රීරෝද රථයක් රැගෙන දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය කැටුව අගලවත්තට පැමිණියහ. පෙම්වතා තම නිවැසියන්ට නොපවසා මනමාලිය කැන්දාගෙන ආ නිසා ඇය සමග එකවර නිවෙසට යාමට නොහැකි බැවින් ඇය මිතුරාගේ ගෙදර නවත්වා නිවැසියන්ට කරුණු පැහැදිලි කර තම යතුරුපැදිය ද රැගෙන ඒම සඳහා නිවෙසට ගියේය.
තරුණයා ගෙදර යන අතරතුර තරුණියගෙන් පෙම්වතාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ තමාට ඔහු සමග පැමිණිය නොහැකි බවත් තමා අනෙක් මිතුරා සමග විවාහ වීමට කැමති බවය.
මේ අවස්ථාවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ තරුණයා පොලිසිය වෙත පැමිණ තම පෙම්වතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ බැගෑපත් වෙමිනි.
ගැටලු නිරාකරණය කිරීම සඳහා තිදෙනාම පොලිසිය වෙත කැඳවීමෙන් පසුත් තරුණිය දිගින් දිගටම තම පෙම්වතා ප්‍රතික්ෂේප කළාය. ඒ , මිතුරා සමග යාමට අවශ්‍ය බව ඇය ස්ථිර වශයෙන්ම වශයෙන් ම ප්‍රකාශ කළ නිසාය.
ඔයින් මෙයින් වූවේ පොලිසිය ඉදිරියේ එකඟතාවකට පත්ව නියම පෙම්වතාට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදු වීමය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් ගෙනා පෙම්වතිය මිතුරා ඩැහැගෙන ගිහින්