මාවරල පී.එස්. මද්දුමගේ.
බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.
වැඩි උගත්කමක් නැති මැදි වයසේ පසු වූ ඔහු, ඉඩම් හිමි වැවිලිකරුවෙකි. වගා කර තිබුණේ පොල් පමණය. කුඹුරු ඉඩම් හිමිකමක් නැති ඔහු, සහල් වෙළඳපොළෙන් මිලට ගෙනාවේ ය.
රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ මොහු, වෙළඳපොළ තුළ බඩු මිල ඉහළ යාම ගැන ඉතාමත්ම සැලකිල්ලක් දැක්වීය. දිනපතාම ප්‍රවෘත්ති අසන ඔහුට පොල් මිල හා සමාන ලෙස හාල් මිල ද ඉහළයන බව තේරුම් ගත්තේය.
දිනක්, නිවසෙහි ආහාර පිළියෙල කිරීමට සහල් නොමැති බව බිරිය කීවාය. වෙනදා මෙන් ගමේ කඩෙන් මුදල් දී සහල් ගෙනඒම ගැටලුවක් විය. මුදල් උපයා ගැනීමට කිසියම් හෝ රක්ෂාවකට යාමට දින කීපයක සිට ඔහුට නොහැකිවීම ඊට හේතු විය.
සහල් රැගෙන ඒමට ක්‍රමයක් සිතූ හෙතෙම, ගමේ කඩේට ගියේය. මුදලාලිගෙන් සහල් කිලෝ දහයක බෑගයක් ගත් ඔහු, ආපසු නිවස බලා ඒමට සූදානම් වෙත්ම,
“හාල්වල සල්ලි දුන්නෙ නෑ නේදැයි” කඩේ මුදලාලි ඔහුගෙන් විමසීය.
“ නෑ ....මුදලාලි , මේ දවස්වල හාලුත් එකයි පොල් මිලත් එකයි නේ. මම පොල් ගෙඩි දහයක් අරගෙන ආවා. ඒ ටික ඔන්න සිල්ලර බක්කිය යට. හාල්වලට පොල් හිලව් කර ගන්න. හාල්වලට වැඩිය පොල් මිලයි නේ. මුදලාලිට සල්ලි දුන්නට වැඩිය පොල් ටිකෙන් ලාභයි නේ කියමින් ඔහු කඩෙන් බැහැරව නිවස වෙත ගියේ ය.
මුදලාලි හෙමින් මිමිනුවේ ‘ඇත්ත තමයි දෙවගෙම එකවගේ තමයි’ යයි තමන්ටම කියා ගනිමිනි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හාල්වලට පොල් හිලව් කරලා