කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 71 හැවිරිදි පස් දරු පියෙක් බිරිඳ සමග නිවසක පදිංචිව සිටියි. මෙම පස් දරු පියාගේ දරුවන් පස් දෙනාම විවාහකය. සිව් දෙනෙක් වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටිති. බාල පිරිමි දරුවාද මහගෙදර නිවස දී අසල කුඩා නිවසක් තනාගෙන වයෝවෘද්ධ මවුපිය යුවළ සමග පදිංචිව සිටී.
පස් දරු පියා අසල්වැසියෙකුගේ රබර් කිරි කපා කීයක් හරි සොයා ගන්නේය. දරුවන් පස් දෙනාද වරින් වර මවුපිය යුවළට වියළි ආහාර පිසු ආහාර ඇඳුම් පැලඳුම්, ලෙඩක් දුකක් හැදුණාම බෙහෙත් අරන් දී රැක බලා ද ගන්නේය.
පස් දරු පියාට සෑම දිනකම සවසට ගමේ අරක්කු ටිකක් පානය කිරීමට අවශ්‍යය. කෑම බීම ඇඳුම් පැලඳුම් ලබා දුන්න ද දරුවන් පස් දරු පියාට මත්පැන් පානය කිරීමට මුදල් ලබා දෙන්නේ නැත. ඔවුහු ඊට තදින්ම විරුද්ධ වෙති. ඒ මත්පැන් පානය කර නිවසට පැමිණ මවට කරදර කරන නිසාය. හදිසි උවමනාවකට යමක් ලබාගැනීමට මව අතට කීයක් හරි ආ ගිය වේලාවක දරුවෝ ලබා දෙති.
අසල්වැසියෙකුගේ රබර් කිරි කපා කීයක් හරි සොයා ගන්නා මුදලින් වයෝවෘද්ධ පියා මත්පැන් පානය කරන්නේය. දරුවන් අඩුපාඩු නොමැතිව සලකන නිසා වයෝවෘද්ධ පියා ඉඳහිට පාන් ගෙඩියක් වයෝවෘද්ධ බිරිඳට ගෙන එන්නේය.
සවසට මත්පැන් පානය කර වයෝවෘද්ධ පියා කටුමැටි පැලට එන්නේ සරමේ කොනක් කරේ තබාගෙන සී පද ගයමින් හතර ගාතේය. කෑම පිඟානට බෙදා මේසය මත වතුර කෝප්පය සමග තියා වයෝවෘද්ධ කාන්තාව බිම පැදුරක් එළාගෙන පසෙකට වී නින්දට වැටෙන්නේය.
ඉකුත් දිනක පානය කර තිබුණු මත්පැන් ප්‍රමාණය වයෝවෘද්ධ පියාට වැඩි වී තිබේ. පසුව නිවස බලා රාත්‍රී හතර ගාතේ පැමිණෙමින් සිටිය දී පාර වැරදී අල්ලපු නිවසක පිළිකන්නකින් ඉදිරි පසට යන්නට ගොස් තිබේ. නිවසේ කාන්තාව එකවර ඉඳුල් වතුර කොරහා පිටුපස දොරෙන් එළියට විසි කර තිබේ. වයෝවෘද්ධ පස් දරු පියා ඉඳුල් කොරහේ වතුර නෑවේය. අයියෝ මම නෑවා යැයි කෑ ගසන්නට විය. කවුරුන් දැයි පිළි කන්නේ කෑ ගහන්නේ යැයි නිවැසියෝ නිවස වටා සවි කර තිබුණු විදුලි බල්බ දල්වා බලන්නට වූහ.
අසල්වැසි පුද්ගලයෙකු බව දැන ගත් නිවැසියන් වහාම වතුර හැලියක් උණු කර නාවා අලුත් ඇඳුමක් අන්දවා රාත්‍රියට කෑමත් දී ආපසු නිවසට යාමට හරි පාර පෙන්වා පිටත් කර යැවිණ. ඉඳුල් වතුර කොරහා නාපු පස් දරු පියාට පසුව වෙරි හිඳී ඇති බව ද වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 21
307
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
337
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1270
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා