IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා


හංවැල්ල එච්.එස්.ඒ. නන්දන 



වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන විත් වඳුරු ප්‍රහාරයෙන් දිවගොස් අනූනවයෙන් බේරුණද එම වෙස්මුහුණ නොමැතිව නිවසින් බැහැරට ගිය පසුවද වඳුරා ඔහුව හඹා එන බැවින් වඳුරාට බියෙන් මුගුරක් අතැතිව ගමන් බිමන් යාමට ඒමට සිදු වීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
පාදුක්ක ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක වඳුරන් නිතර නිතර ගෙවත්තට එන නිසා වගාවන් වඳුරු විනාශයෙන් බේරා ගැනීමට වඳුරන් බිය ගන්වා පන්නා දැමීමේ අරමුණින් පාදුක්ක නගරයට ගිය පුද්ගලයකු වඳුරු වෙස් මුහුණු දැක ඉන් එකක් මිලදී ගෙන ඇත.


මිලදී ගත් වඳුරු වෙස් මුහුණ මුහුණේ ලාගෙන ගෙවත්තට ගොස් වඳුරෙකුගේ හඬට සමාන හඬක් නගමින් හඬ තළමින් වඳුරන් පන්නා දැමීමට උත්සාහ දරා ඇත.
ඒ මොහොතේ ක්ෂණයකින් වඳුරෙකු ඔහු වෙතට කඩා පැන ඔහුට පහර දීමට පටන් ගෙන ඇත. වඳුරා කෑ මොරදීගෙන කඩා පනිනු දුටු ඔහු කෑ මොර දී නිවස වෙතට දුවවිත් වඳුරාගේ ප්‍රහාරයෙන් බේරී ඇත්තේ අනූ නවයෙනි.
පසුව මෙකී වඳුරා ඒ අවට සැරි සරණ අතර එම ප්‍රදේශයෙන් නොගොස් සිටීමත් වෙස් මුහුණ ඉවතලා ‍මේ පුද්ගලයා නිවසින් එළියට පැමිණිය ද වඳුරා ඔහු හඹා එන්නේ ඔහුව වඳුරාගේ මතකයේ ඇති නිසාය. මේ වන විට මේ පුද්ගලයා නිවසින් බැහැරට යන සෑම විටම මුගුරක් අතැතිව යාමට පුරුද්දක් කරගෙන ඇත්තේ වඳුරාගෙන් බේරීමටය.
මුගුරක් ගත් මේ අය මගතොට යද්දී අසල් වැසියන් සිනා සෙන අතර ඔහු පවසන්නේ වඳුරන් පන්නා දැමීමට ගොස් මම කරගත්ත හදියක් යනුවෙන් පවසමින් පශ්චාත්තාප වෙයි.



අදහස් (0)

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site