IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මැරුණු සැමියා කෝල් එකක් දීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මියගිය සැමියා තමන්ට දුරකතන ඇමතුමක් දුන්නැයි කියා බිරිය පොලිසියේ පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් පසුගියදා දිවයිනේ දෙවැනි පෙළේ නගරයකින් වාර්තා විය.


වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළකි. දරු මල්ලන්ගෙන් නිදහස්වීමෙන් පසුවද දෙදෙනාගේ බැඳීම පෙරසේම වූයේය. දරු මල්ලන් නිවෙසෙන් දූරස්වීම හේතුවෙන් දෙදෙනාගේ බැඳීම තව තවත් ශක්තිමත් වූ බව ගමේ අයගේ විශ්වාසය විය.


වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූයේය. දරුමල්ලන් ඥාති හිතවතුන්ගේ එකතුවෙන් යුතුව සැමියාගේ අවසන් කටයුතු කෙරිණි. හත්දින, මෙන්ම තෙමස් දානයේ කටයුතුද මහ හරසරින් සිදු කරනු ලැබුයේ බිරිය සැමියාගේ ගුණ ගයමිනි.


කොරෝනා වසංගතය නිසා සැමියාගේ මරණයෙන් වසර පිරීමේ දානයේ කටයුතුවලට බාධාවක් වූයේ ය. ඒ නිසාම බිරිය දානය පන්සලට ගොස් පූජා කළේ සිතේ සතුටින් නොවේය. සැමියාගේ දානය හරසරින් යුතුව කරන්නට නොලැබීම ගැන බිරිය සිටියේ මහත් සිත් වේදනාවෙනි. මේ අතර දිනක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආයේය. 


‘මැණිකේ මම කතා කරන්නේ“ පිරිමි කටහඬක් ඇසිණි. “කවුද’’ ඇය ඇසුවාය. අනේ මම මේ කියා පිරිමි කටහඬ ලයාන්විතව සැමියාගේ නම සඳහන් කිරීමත් සමග බිරියට සිහි එළවා ගන්නට බැරිවිය. අනේ මගේ මහත්තයා මට කතා කළා. ඇය අසල්වැසි සියල්ලටම කීවාය. මැරුණු අය කෝල් කරන්නේ කෙසේද කියා අසල නිවෙසක පුංචි පුතකු පැවසීමත් සමග ඇගේ සිහි කල්පනාව ආයේය. මෙය කවුරු හෝ කළ සරදමක් බව තේරුම් ගියේය. .


ඇය ඉක්මනින්ම ඇඳ පැලඳගත්තාය. කුලී රියක් කතා කරගෙන පොලිසියට ගියාය. තමන්ගේ මියගිය සැමියා කතා කළ අංකය සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය. දුරකතනයෙන් කතා කළ සැමියා ඉන්නා තැන පොලිසිය ඉක්මනින් සොයා දෙනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් බිරිය දැන් කල් ගත කරන්නීය.

 



අදහස් (0)

මැරුණු සැමියා කෝල් එකක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 63 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 350 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site