මොරගොල්ලාගම සිසිර කැලේගම
නිවෙසක ඇතිදැඩි කරන සුනඛයකු සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීම සූදානම්වත්ම පොලිසිය තුළම කෙස්වළු පටලවාගත් බැවින් ඊට අදාළ සියලු දෙනාම පොලිස් කූඩුවේ රඳවා තැබූ බව ඉබ්බාගමුව බෝගමුව පොලිස් ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඉන්දිකා දැල්කඳුර මහත්මිය පැවසුවාය.
නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයකුගේ අසුචී යාබද නිවසට දමන බවත් ඉන් නික්මෙන ගඳ ඉවසීමට නොහැකි බවත් පවසමින් දෙපාර්ශ්වය අතර මෙම ආරවුල හටගෙන ඇති අතර ඒ සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමට අදාළ පිරිස ඉබ්බාගමුව බෝගමුව පොලිස් ස්ථානයට පෙරේදා 12 පස්වරුවේ කැඳවා තිබිණි.
පැමිණිල්ල විභාගවන අතරතුර පිරිස කාන්තා කාර්යාංශයේම රඳවා ස්ථානාධිපතිනියගෙන් උපදෙස් ගැනීමට කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා ශ‍්‍රියානි මහත්මිය එතැනින් නික්මගොස් ඇති අතර එහිදී අඹුසැමි යුවළක් එක්ව යාබද නිවසේ පිරිමියකුට පහරදී ඇත.
පහර කෑ තැනැත්තා සහ ඔහුගේ බිරියද එක්ව තමන්ට පහරදුන් දෙදෙනාට පෙරළා පහරදීමෙන් හටගත් ආරවුල නතර කිරීමට පොලීසිය මැදිහත් වු බවත් ගැටුම සමථයකට පත්වීමෙන් අනතුරුව දෙපාර්ශවයේම බිරියන් හා සැමියන් පොලිස් කූඩුවල වෙන් වෙන්ව රදවා දැඩි ලෙස අවවාදද දී මුදාහැරීමට පියවර ගත් බවත් ස්ථානාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
221
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
972
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා