IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පොලිසිය කියා පී.එච්.අයි ට රැවටී චූන් පාන් මල්ලි අඩු කඩා ගෙන

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 


පොලිසිය කියා සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට රැවටී ඔහු මග හරින්නට රේස් ගොස් අත පය කඩාගත් චූන් පාන් විකුණන තරුණයකු පිළිබඳව බස්නාහිර පළාතේ  එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, 
ඔහුගේ පියා බේකරියක චූන් පාන් ත්‍රිරෝද රථයක සේවය කරන අතර අසනීප තත්ත්වයක් නිසා රැකියාවට යාමට නොහැකි හෙයින් සිය පුතාට එම දිනවල චූන් පාන් ත්‍රීරෝද රථය රැගෙන යන ලෙස පවසා ඇත. ත්‍රිරෝද රථ පැඳවීමට හොද පුරුද්දක් තිබුණද ඔහුට ඇති එකම අඩුපාඩුව වූයේ රියදුරු බලපත්‍රය නොමැති කමය.
කෙසේ වෙතත් පවුලේ ආර්ථිකය රදා පවත්වාගෙන යන්නේ සිය පියාගේ රැකියාවෙන් නිසා ඔහු පියා නොමැති දිනවල එම රැකියාව සිදු කර ඇත. තරුණයකු වූ ඔහු වෙනදාට වඩා බේකරි කෑම බිස්නස් කරන බැවින් ඔහුගේ රියදුරු බලපත්‍රය ගැන බේකරි හිමි පියාට ගැටලු‍වක් වී නොමැත. 
කෙසේ වෙතත් දින කිහිපයක් කිසිදු කරදරයක් නොමැතිව සිය චූන් පාන් රැකියාව සිදු කළ තරුණයාට එක් දිනක් සිදු වූ සිදු වීමකින් මහත් කලබලයක් හට ගැණුනි. හන්දිය අසලදී ඔහුගේ චූන් පාන් ත්‍රිරෝද රථයට සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත දමා ඇත්තේ රාත්‍රි කෑමට පාන් ගෙඩියක් මිලදී ගැනීම සඳහාය. එක් විටම කලබල වූ ඔහු පී.එච්.අයි මහතා දැක ඇත්තේ පොලිස් නිලධාරීවරයෙකු ලෙසය. 


රථය නොනැවත්තු ඔහු ආ වේගයට වඩා වේගයෙන් ගමන් කරද්දී පී.එච්.අයි මහතා සිතා ඇත්තේ ඔහුව නොදැක චුන් පාන් රියදුරු යන බවය. හඹාගොස් කෙසේ හෝ පාන් ගෙඩියක් මිලදී ගැනීමට සිතූ ඔහුද චූන් පාන් ත්‍රී රෝද රථය පිටුපසින් ගොස් තිබේ. තමන් ලු‍හුබැඳ එන්නේ නිසැකවම පොලිසිය බව සිතූ චූන් පාන් තරුණයා බේකරි කෑම අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා උසාවි ගොස් ගසන දඩය ගැන මතක් වී දෙවියන් සිහිපත්ව ත්‍රීරෝද රථයේ ඇක්ස්ලේටරයේ පිහිට පතා ඇත. 
ත්‍රිරෝද රථය වේගයෙන් ගමන් කරද්දී රථය පාලනයෙන් ගිලිහී අසල තිබූ කුඹුරකට පෙරළී තිබේ. ඔහු අසලට පැමිණි පී.එච්.අයි මහතා ‘‘අයියෝ මල්ලි මම පාන් ගෙඩියක් ගන්න ආව දුරක්”‍ යැයි පවසද්දි චූන් පාන් තරුණයාට මොහු පොලිස් නිලධාරියකු නොව පී.එච්.අයි කෙනෙකු යැයි දැක දෙවියන් සිහිවී තිබේ. ‘කවුද දන්නේ ඔහොම දෙයක්’ යැයි පැවසු තරුණයා සිය අත පයේ වේදනාව අමතක කර පී.එච්.අයි මහතාට පාන් ගෙඩියක් දී වටවූ පිරිස සමග එක්ව ත්‍රිරෝද රථය කෙළින් කර රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. 

 



අදහස් (0)

පොලිසිය කියා පී.එච්.අයි ට රැවටී චූන් පාන් මල්ලි අඩු කඩා ගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site