IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
හිතවතාගේ පොත දොරට වැඩුමට ගොස් දෙපැයක් ඇතුළත ඔහුට ලියුම් කවර දෙකක් දීමට සිදුවූ අයකු පිළිබඳව දකුණේ වීරවරයන්ගේ පුරවරයකින් අසන්නට ලැබේ.


සිය පඩිපතම ඔහු සිය බිරින්දෑට දෙන්නට පුරුදුවූයේ ඇය සහේට ගත්දා සිට ම ය. ඒ ඇයගේ ආදරය දිනා ගැනීමටය. මෙය පුරුද්දකටම ගිය නිසා ඔහුට සිය පඩිපතම නොදී සිටීමටද බැරිවිය.


 ඒ ඔහුට ලැබෙන වේතනය ගැන ඇය දන්නා නිසාය. ඒ සමගම නිවසේ සියලු මූල්‍ය කටයුතු කළමනා කෙරුණේ ඇය අතිනි. ඔහුට කොණ්ඩය රැවුල කපා ගැනීමට අවශ්‍ය වූ විටද මුදල් ඉල්ලා ගැනීමටද සිදුවූයේ ඇයගෙනි. එමෙන්ම ඔහුගේ සුබසාධන කටයුතු ඇතුළුව අනෙකුත් කටයුතු සඳහා මිල නියම කළේ ද ඇය ය.


හිතවතකුගේ පොතක් දොරට වැඩීමේ උත්සවයට ඔහුට ආරාධනා ලැබෙන්නේ ඔය අතරවාරයේදීය. ඒ සඳහා ඇය ඔහුට වෙන්කරනුයේ රුපියල් දහසකි. ඔහුද එය තමාගේ නම ලියූ ලියුම් කවරයක දමා පොත දොරට වැඩීමේ උත්සවයට ගෙන යනුයේ පොතේ මිල දහසකට අඩුය යන්න සිතාය.


එහි ගිය ඔහුටද සිය හිතවතා පොතක් පිරිනමන්නේය. ඒ සමගම සිය නම ලියූ ලියුම් කවරය ඔහු හිතවතාගේ අතට දෙන්නේය. පොතේ මිල දැක්ක ගමන්ම ඔහුට තරු පෙනුණේ පොතේ මිල රුපියල් එක්දහස් දෙසීයක් සඳහන් කොට තිබීමත් සමගමය.


 තමාගේ නම සඳහන් කර දුන් ලියුම් කවරය නිසා ඔහුට කර කියා ගත නොහැකිවිය. පොත එළිදැක්වීමෙන් පසු හිතවතා සම්පාදනය කර තිබූ තේ මේසය දුටු විට මෙන් තමන් එහිදී කොටා බෑ දෙතුන් සියයක් වටිනා ආහාර වර්ග ගැන සිහිවූවිට තමන් දුන් ලියුම් කවරය මදි බව දෙපාරක්ම සිතීමට ඔහුට සිදුවිය. 


එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හිතවතකුගෙන් රුපියල් හාරසියයක අතමාරුවක් ගන්නේ තමාට මුහුණ දෙන්නට සිදුවූ අමිහිරි අත්දැකීම ද ඔහුගේ ද කනේ තබමිනි. එම මුදල් කවරය දෙවැනි වරටත් කතුවර හිතවතාට දීමට යාමේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේ ඇයි මතක නැද්ද ඔයා මුලින් ලියුම් කවරයක් දුන් බව කියමින්ය. හිතවතා හිතුවේ ඔහු යළිත් තමාට ලියුම් කවරය දෙනුයේ මුලින් දුන් කවරය ගැන අමතකවී ඇතැයි සිතාය.


දෙදෙනා අතර ඇතිවූ මේ සංවාදය ඇසූ ඔහුට අතමාරුව දුන් අය ගත්කතුවරයාගේ කනට කර සිදුවූදේ කියත්ම ගත්කතුවරයාට දුන් ලියුම් කවරය ගන්නවා හැර වෙනත් විකල්පයක් නොවීය. ඒ සමගම අපේ කතා නායකයා එතනින් හෙමිහිට ලිස්සා ගියේ තවත් අය මේ පිළිබදව දැන ගත්තොත් තමාට වෙන අවනම්බුව දැනගෙන මින් පසු සිය භාර්යාවට දෙන පඩිපතෙන් කීයක් හරි හෝ යටි මඩි ගසා මුදල් පසුම්බියේ සඟවා ගන්නේ යයි සිතසිතාය.

 



අදහස් (0)

පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2092 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site