IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නොම්බරය වැරදී ලොක්කට පොල් කඩන්න එන්න කියලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්

දුරකතන අංක නිවැරදි ආකාරයෙන් සටහන් කර තැබීමට නොහැකි වීමත්, නිසි පරිදි සොයා නොබලා ඇමතුම් ලබා ගැනීමත් හේතුවෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 
දකුණු පළාතේ ප්‍රධාන ආයතනයක සේවය කළ ඇයට වැඩි වශයෙන් පැවරී තිබුණේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතුයි. මේ හේතුව නිසාම ගෙදර දොර කටයුතු, සාප්පු සවාරි, නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල යාම සහ පවුලේ අනෙකුත් කටයුතු තම රාජකාරි කාල සීමාව තුළ දී ඉටු කර ගැනීමට ද ඇයට හැකියාව ලැබුණි.. 
දිනක් තම සේවා ස්ථානයට පැමිණි ඇය ක්ෂේත්‍රයේ වැඩකට යන බව පවසා නිවසට ගියේ වැඩ කටයුතු බොහොමයක් කර ගැනීමේ අටියෙනි. ගෙදර වැඩ කරන අතරතුර නිවසේ පොල් අවසන් වී ඇති බව  දැනගත් ඇය කඩිමුඩියේ දුරකතන අංක සටහන් කරන ලද පොත රැගෙන පොල් කඩන්නාට ඇමතුමක් දී අද පොල් කඩනවාදැයි ඇසීය. ‍සිහින් හඬින් “තාම මම පොල් කඩන්න පටන් ගත්තේ නැහැ. දැන්  හදිසි වැඩක් ” යනුවෙන් පවසන විටම “අනේ අද කොහොම හරි එන්න. අද බොස් නැති නිසා මම වේලාසනම ගෙදර ආව. අද කොහොම හරි පොල් ටික කඩල දෙන්න”. එවිට පිළිතුරු ලැබුණේ “මම මේ මීටින් එකක ඉන්නෙ” යනුවෙනි.
 
ලද පිළිතුරත් සමඟ ඇය දෙගිඩියාවට පත්වූයේ එම කට හඬ හුරු පුරුදු නිසාවෙනි. වහා දුව ගොස්  දුරකතන අංක පරීක්ෂා කිරීමේ දී ඇයට පෙනී ගියේ තමා කතා කර ඇත්තේ තම ආයතන ප්‍රධානියාට බවයි. හීන් දාඩිය දැමූ ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය.
මේ දෙදෙනාටම ඇත්තේ එකම නම වුවත්, තනතුර ලියා නොතැබීමෙන් මෙම අතපසු වීම සිදු වූ බව තම යෙහෙළියට පැවසූ ඇය තවමත් තම ප්‍රධානියා මඟ හරිමින් සිටින බව දැනගැනීමට ඇත.



අදහස් (1)

නොම්බරය වැරදී ලොක්කට පොල් කඩන්න එන්න කියලා

රිතික් Wednesday, 09 October 2024 02:35 PM

සිද්ධිය දැනගත් අයගේ ආයතන සේවකයින් "අද පොල් කඩමුදැයි" අසනවිට ඇය හොඳ ලුණු ඇඹුල් ඇතුව ඔවුන් අමතනවලු...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site