(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
පොදු ළිඳේ දිය නාන ළඳුන් දෙස අමුතුම විදියට බලා සිටි අනංගයකුට ගුටි වර්ෂාවකින් නාන්න සිදුවීමේ පුවතක් වාර්තා වේ.
මොහු එදිනෙදා කුලී රක්ෂාවක් කරගෙන ජීවත් වූ වයස අවුරුදු හැත්තෑවක් පමණ අයෙකි. මොහු පදිංචි වී සිටි නිවෙස පිහිටි ඉඩමට යාබද ඉඩමේ පිහිටියේ පොදු නාන ළිඳකි. උදේ පාන්දර සිට මෙම ළිඳෙන් නෑමට එන පිරිස විශාලය. උදේට රැකියාවට ගොස් හවසට ඇවිත් නාගෙන පිරිසුදු වී හීන් අඩියකින් සප්පායම් වී රේඩියෝව ළඟ තබාගෙන සින්දු ඇසීම මොහුගේ දින චරියාවේ එක් අංගයකි.
සවසට කාන්තාවන් නාන විටදී පුටුවක් මිදුලේ තබාගෙන පත්තරයක් කියවීම සිරිතකි. පාරේ යන එන කාටත් පෙනෙනුයේ මොහු විනෝදයෙන් පත්තර කියවන අයුරුය. කාන්තාවන් නාන විට පමණක් කෙරෙන මොහුගේ මෙම ක්රියාව පිළිබඳව දිය නෑමට එන කාන්තාවකගේ පුරුෂයකුට සැකයක් ඇතිවිය.
ආරක්ෂක අංශයක සේවය කරන කාන්තාවගේ පුරුෂයා මේ ගැන විමසිල්ලෙන් පසුවිය. ‘අයියා අද පත්තරේ තියෙන්නේ මොනවා දැයි’ ඇසූ විට ඊට ආසන්න දිනයක සිදු වූ රේඩියෝවේ ප්රවෘත්තිවලින් අසා දැන ගත් පුවතක් රස කර කර කීම මොහුගේ කපටි සිරිතකි. පත්තරයක් කියවන මුවාවෙන් සිටියත් පත්තරය නොකියවන බව විමසිල්ලෙන් සිටි අයට තහවුරු වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මොහුට නොදැනීම පසු පසින් ඇවිත් බලන විටදී තිබුණේ පත්තර පිටුවක් පමණි. එහි කුඩා ප්රමාණයේ සිදුරු දෙකකි. එම සිදුරුවලින් කාන්තාවන් නාන දෙස බලා සිටින බව හෙළිවිය.
මේ පිළිබඳව කෝප වූ කාන්තාවගේ පුරුෂයා අතින් පයින් පහර දී කාන්තාවන්ට පත්තර පිටුව පෙන්වූයේ පත්තරේ බලන විදියට වෙන වෙන දේවල් බලන බව කියමිනි. ගුටි වර්ෂාවෙන් පසු පත්තර කියවීම නතර වූ බව කාන්තාවන් පැවසුවේ කොක් හඬලා සිනාසෙමිනි.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාන හැටි බලලා අම්බානක කාලා