IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


නයෙක් එළියට දාලා හෙළුවැල්ල වහගෙන

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
නොසැලකිලිමත්ව සරම අඳින අයකුට වූ අබැද්දියක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ ඔහු වියළි ‍කෙසෙල් පරඬැල්වලින් විලි වසාගෙන සිටි පුවතක් ගම් ප්‍රදේශයකින් වාර්තාවේ. 
විශාල උදරයකින් ‍හෙබි ඔහු තරමක් මිටි තරබාරු අයෙකි. ඒ ‍හේතුවෙන් බඩ මැදට වන්නට නිතරම සරම අඳියි. කිසි විටෙකවත් ඉනට පටියක් නොදැමූ ඔහු ඉතා බුරුලට අඳින සරම ඉතා සැහැල්ලු‍වෙන් ඉනේ දවටාගෙන ගෙවත්තේ සියලු‍ වැඩපළවලද නිරතවූවෙක් විය.
එදින ඔහු තම ගෙවත්තේ විවිධ වැඩපළවල නිරතව සිටි අතර කෙසෙල් පඳුරුවල එල්ලෙමින් තිබුණ වියළි පරඬැල් කපා දමන්නට විය. පසුව ඒවා එකතු කර ගිනි තැබීම සඳහා නුදුරු ස්ථානයකට ගෙන ගොස් දමමින් සිටියේය. 
ඒ අනුව කෙ‍සෙල් පරඬැල් විශාල ප්‍රමාණයේ මිටියක් දෑතින් බදා‍ගෙන යද්දී ඔහුගේ සරම ගිලිහී බිම වැටිණි. 
උපන් ඇඳු‍මෙන්ම ‍කෙසෙල් පරඬැල් ටික ඉස්සරහට ගෙන යමින් සිටියදී කාන්තාවන් දෙදෙනෙක් ඔහු සිටින ස්ථානය පසු කර යාමට එමින් සිටියහ. 


සරම ඇඳගැනීමට ආපසු යාමට නම් බඩබැඳගෙන සිටින කෙසෙල් පරඬැල් සියල්ල බිම දැමිය යුතුව ඇත. එවිට තමන් වස ලජ්ජාවකට පත් වන බව ‍තේරුම් ගත් ඔහුට තැනට සුදුසු නුවණක් පහළ විය. 
‘හා! හා! නංගිලා මේ පැත්තට එන්න එපා! ලොකු නයෙක් ආවා... ඔය හරියට ආපහු දුවන්න!! යැයි හඬනගා කෑ ගැසුවේය. 
එවිට කාන්තාවෝ ‍ ආපිට හැරී දිව ගියහ. ඉන් පසු ඔහු බිම වැටුණ සරම තිබුණ තැනට ‍ගොස් නැවත හැඳගත්තේ ඇති ඔයින් බේරුණා’ යැයි සිතමිනි. එහෙත් මෙම සිද්ධිය ඒ අසල ‍උක් ඉඩමක සිටි ‍අයකු දැක ඒ ගැන තම මිතුරන්ට පැවසුවේ සිනා සෙමිනි. 
ගමේ ගැටවුන් “මාමේ ඉඩමට නයා ආ‍වෙ නැද්දැ”යි ප්‍රශ්න කරද්දී ඔහු සුද්ද සිංහ‍ලෙන් පිළිතුරු දෙන්නේ කනේ ඇඟිලි ගසාගෙන යන්නටය. 



අදහස් (1)

නයෙක් එළියට දාලා හෙළුවැල්ල වහගෙන

පකෝරිස් Saturday, 09 December 2023 11:33 AM

ඔය සුද්ද සිංහලෙන් පිළිතුරු දෙන කෑල්ල හැම කතාවටම ලියන කොට බොරු මාට්ටු වෙනවානේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හිත් නොරිදා උදව් ගන්න නෝනගෙ ක්‍රමය හරිගිහින්
2024 පෙබරවාරි මස 26 361 0

තවත් කෙනෙකුට උදව්වක් කිරීමේදී පෙරලා නැවත ඒ අයගෙන් උදව්වක් බලාපොරොත්තුවීම බොහෝ දෙනකුගේ පුරුද්දකි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එලෙස අමුතුම ක්


වියපත් පියා දිවියෙන් සමුගනිද්දී පුතා පොකැට්ටුවට විදලා
2024 පෙබරවාරි මස 24 226 0

මහ ගෙදර තනිව ජීවත්ව සිටි මහලු‍ පියා මියගිය පසු ඔහු සන්තකයේ තිබුණු මුදල් පසුම්බිය සොරා ගනගිය අපූරු පුතෙකු පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් පසුග


සැමියගේ දරුවන් දේව දරුවන් කළැයි බිරියට යකා නැගලා
2024 පෙබරවාරි මස 24 250 0

දේව වරමක් ලදැයි කියමින් දෙවියන් යදින කාන්තාවක අසල්වැසි නිවසක කාන්තාවකට ‘‘දේව දරුවා’’ කියා හඬ තලමින් කතා කරද්දී තම නිවසේ දේව දරුවන් නැති බවත් ඉන්නේ තම


අලුත ගෙනා මනමාලි නැන්දම්මා ලයිට් බිලට පටලවාගෙන
2024 පෙබරවාරි මස 24 128 0

අම්මා ගෙවූ විදුලි බිල දැක නිවසට අලුත පැමිණි ලේලියට තරු පෙනුණ පුවතක් මහව පොලිස් වසමේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි. නිවසේ එකම පුතු පසුගියදා විවාහ විය. මංග


සැමියගෙ ​ෆෝන් එකට කතක් ඇවිත්
2024 පෙබරවාරි මස 24 134 0

සිය සැමියාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ගබඩා කොට තිබූ රූමත් කාන්තා රුවක් ඇතුළත් දුරකතන අංකයක් නිසා අලු‍ත් වෙලා තිබූ පැරණි මිතුදම නැවතත් පරණවීමට ගිය අපූර


කිරි අම්මගෙ නීතිවලින් මනමාලිට කසාදෙත් එපාවෙලා
2024 පෙබරවාරි මස 24 127 0

කැන්දාගෙන පැමිණ සතියක්වත් නොමැති සිය තරුණ මනාලියට මිත්තණිය නීති දමනවා යැයි උරණ වූ මනාලයෙකු ඇඳුම් පැළඳුම් රැගෙන කුලියට ගත් නිවසකට යාමේ පුවතක් සබරගමුව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site