IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


තෙල් පෝලිමට ගිය සැමියාගේ හොරේ බිරිඳට අතේ මාට්ටු

තෙල් පොලිමේදී සිය සැමියාගේ තරම දැනගැනීමට හැකිවූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ඉන්ධන පිරවුම් පොළකින් අසන්නට ලැබේ.


 ඔහු සිය ව්‍යාපාරවලින් ලැබෙන ආදායමෙන් කොටසක් පරදාර සේවනයට යොදවන්නේ නොමසුරුවය. ඒ නිසාම නගරයේ ලැගුම්හල් ඔහු ගැන දන්නේ යාවජීව සාමාජිකයෙකු ලෙසය.


එදා ඔහු නගරයට යතුරු පැදියෙන් ගියේ සිය භාර්යාව සමගය. ඒ අවශ්‍යතාවකටය. සල්ලිකාර නෝනා තොල් රතු කරගෙන අව් කණ්නාඩි දෙකක් පැළදගෙන ගියේ උජාරුවටත් එක්කය. නගරයට යන අතර මග ඉන්ධන පිරවුම් පොලක ඉන්ධන තිබෙනු දුටු ඔහු යතුරු පැදියට ඉන්ධන ටිකක් ගසා ගැනීමට සිතුයේ එහි වැඩි පෝලිමක් නොතිබුණු නිසාය.


මේ අස්සේ බෝතලයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයෙක් ‘හා සර් අදත් එක්ක යන්නේ අපේ පොට් එකට’දැයි ඔහුගෙන් ඇසුවේ යතුරු පැදියේ ඉන්නේ  ඔහුගේ භාර්යාව බව නොදැනය. එසේ ඇසූ තැනැත්තා නගරයේ ලැගුම් හලක සේවකයෙකි. ඒ සමගම ඔහුට තරු විසිවුණේය. භාර්යාවට සැමියාගේ තරම වැටහුණි. තැන නොතැන අමතකවූ භාර්යාව ඔහුට දෙහි කැපුවේ මහා හයියෙනි.


 භාර්යාවගේ අනපේක්ෂිත හැසිරීමෙන් මහත් ලැජ්ජාවට පත්වූ ඔහු ඉන්ධන ලබා ගැනීම පසෙකට තබා එතනින් මාරුවී ගියාලු‍.

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (1)

තෙල් පෝලිමට ගිය සැමියාගේ හොරේ බිරිඳට අතේ මාට්ටු

ආනන්ද Saturday, 21 May 2022 10:43 AM

හොඳ වැඩේ... දඩුවම් දෙන්න ඕනෑ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site