IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වුවත් එයට පින් සිද්ධවෙන්න සිය නිවසේ ගිනි පුපුරු දෙක ශීතලවී මුළු නිවසම සීතලවී ඒ සීතලෙන් දෙසවනට සහනයක් ලැබූ අයකු පිළිබඳව අපූරු පුවතක් බලපිටියෙන් අසන්නට ලැබේ.

අනාදිමත් කාලයක පටන් එන නැන්දම්මා ලේළි විරසකය මේ ගෙදර ද නොතිබුණාම නොවේ. කෙහෙවලු‍ පටල නොගත්තත් දෙන්නට දෙන්නා තරහිනි. ඇනුම් පද හුවමාරු කර ගනිමිනි. ඉඳහිට නැන්දම්මා ලේලිය, දෙන්නගේ අඩහැරයෙන්, නිවස්නයේ, වහලේ බිමට පාත්වී නොගියේ යාන්තමිනි.

මේ වටපිටාවෙන් ඔහු සිටියේ හොඳටම හෙම්බත්වීය. මේ ගැන දෙන්නටම කොතෙක් අවවාද කළත් ඔවුන් සිටියේ නොඇසූ කන් ඇතිවය. නැන්දම්මට ලේළිය කෑවත් වැරදිය. බීවත් වැරදිය. ලේළියට ද එය එසේම විය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම මේ ලේළිය සිය නැන්දම්මාට සෙනේවන්ත වූවාය. ඇය ගැන නිතර සොයා බැලු‍වාය. කවදාවත්ම නැතිව අම්ම කෑවද බිව්වද යයි නැන්දම්මාගෙන් ඇසුවාය. මම බත් ටිකක් බෙදන් එන්න ද තේ ටිකක් හදන් එන්න ද යයි ඇය නැන්දම්මාගෙන් ඇසූ වාර ගණන ද එන්න එන්නම වැඩිවිය.

සිය භාර්යාව සිය මවට දෙවියකුට මෙන් සලකන අයුරු දුටු ඔහු පුදුම වූවේය. එය අදහා ගන්නත් බැරිවිය. සිය මව ගැන භාර්යාවගේ පංචස්කන්ධය මෙතරම උණුවූයේ ඇයිදැයි යන්න ඔහුට තුන් තේරවිල්ලක් මෙන් විය. ඒ කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔහු සිටියේ සතුටිනි. ඒ කාලයක් තිස්සේ තිබූ මේ දෙන්නාගේ කන්කරච්චලයට මද විරාමයක් ලැබූ බැවිනි.

ඔහු මේ වෙනස පිළිබඳව භාර්යාවගෙන් ඇසුවේ ඊයේ පෙරේදා නිදි යහනේදීය. ලස්සන සාරියක් ඇය වෙතට තිළිණ කරමිනි. දන්නැද්ද මේ පාර මම වැඩ කරන අපේක්ෂකයා දිනවන්න මම උපරිම ශක්තිය යොදවනවා.

අපේ පාසලේ සියලු‍ම ආදි ශිෂ්‍යාවන් වැඩ කරන්නෙත් එයාට. අපි කතා කරගත්තා ඡන්ද ගොඩ වැඩිකරගන්න ඕන කියලා. ඒ සඳහා ගෙදරින්ම පටන් ගනිමුයි කියලයි කතාවුණේ. ඔයා නම් හරිනේ. ඔයාගේ අම්ම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ දවස්වල මම එයාට සලකන ගමන්ම එයාගේ මොළයත් ජනාධිපතිවරණය වෙනුවෙන් හෝදනවා. දැන් ගොඩක් සාර්ථකයි භාර්යාව කීවේ ඇඟට පතට නොදැනීමය.

හා ඒකයි මේ එහෙනම් යයි ඔහු කීවේ අම්ම තමුන් කියන කෙනාට ඡන්දය නුදුන්නොත් මොකද කරන්නේ යයි ද ප්‍රශ්නයක් අසමිනි. එහෙම වුණොත්, නැන්දම්මා ලේළියගේ සටන් විරාම ගිවිසුම අක්‍රියවී පෙර පරිදිම සටන ඇවිළේ යැයි ද ඇය කීවේ සැමියාගේ ඉහමොළ රත් කරවමින් ලු‍.



අදහස් (0)

ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site