කෙසෙල් කැනක් සොරකම් කළ අයකු සාක්කි සහිතව අල්ලා ගැනීමේ පුවතක් ගොම්බද්දල, කිල්ලදෙණියෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය.
ඔහු හේන් ගොවිතැන සහ පලතුරු වගාව කරන ගොවියෙකි. කෙසෙල් වගාවට ලොකු ආදරයක් දැක්වූ ඔහු “ඇම්බුන්” වර්ගයේ කෙසෙල් විශාල ලෙස වගා කිරීමට කටයුතු කළේය. නිතරම කොරටුවේ ඉදුණු කෙසෙල් කැන් දෙක තුනක් තිබෙන අතර, වෙළෙන්දෙකු පැමිණි විට කෙසෙල් කැන් කපා අලෙවි කිරීම ඔහුගේ සුපුරුදු ක්රියාව විය.
එක් දිනක කෙසෙල් වෙළෙන්දා පැමිණි විට කොරටුවට ගිය ගොවියාට, කෙසෙල් පඳුරු කීපයකම කැන් කිසිවකු විසින් සොරා කපා ඇති බව දැක ගන්නට හැකි විය. එදා කෙසෙල් අලෙවිය නොමැති වීමෙන් රුපියල් දහස් ගණනක පාඩුවක් ලැබීම ගැන කනගාටුවට පත් ඔහු, සොරා සෙවීම පිණිස දැඩි වෙහෙසක් ගත්තාය. තමන් දන්නා හඳුනන කීප දෙනකුටම සිද්ධිය පවසා සොරා සොයා දෙන්නට උදව් කරන ලෙස ඉල්ලීම් ද කළේය.
මිතුරකු විසින් දුන් තොරතුරකට අනුව කිළිටි රෙදි පිරිසුදු කරන ගමේ ඇති ගෙදරට ගිය ඔහු කෙසෙල් කහට සහිත පිරිමි අයකුගේ කමීසයක් සහ සරමක් ගැන විපරම් කෙළේය.
මේ සරම සහ කමීසය කාගෙදැ ? යි කිළිටි රෙදි පිරිසිදු කරන ගෙදර කාන්තාවකගෙන් විමසූ විට, ඇය ගමේ පුද්ගලයෙකු ගේ නමක් සඳහන් කළාය.
ගොවියා එම නිවසින් පිටව පොලිසියට ගොස් කෙසෙල් කහට සහිත සරම සහ කමීසය අයිති අයට විරුද්ධව “කෙසෙල් කැන් සොරා කැපීම” ගැන පැමිණිල්ලක් කළේය.
පොලිස් නිලධාරීන් එම අයගේ නිවසට ගොස් විමර්ශනය කිරීමේදී නිවස පිටුපස කසළ ගොඩේ කෙසෙල් ලෙලි විශාල ප්රමාණයක් දැක ගැනීමට හැකි වීම නිසා, සොරා මොහු බවට සැකහැර දැනගත් පොලිස් නිලධාරීහු, අදාළ අය පොලිසියට කැටුව ගියහ.
මාවරල ජී.එස්. මද්දුමගේ

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.