උඳුගොඩ - වාර්තාකරු
තම නැතිවුණ කණ්ණාඩි කුට්ටම සොයා බැලීමේ දී වොෂින් මැෂින් එකේ ඇඹරී තිබිය දී හමුවූ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මොහු මැදිවියේ පසුවූ පුද්ගලයෙකි. හෙතෙම ඇස් පෙනීම ලබා ගැනීම සඳහා නිතරම කණ්ණාඩි කුට්ටමක් භාවිතා කරයි. කණ්ණාඩිය නොපලඳින සෑම විටකදීම මොහු ඇඳ සිටින ටී ෂර්ට් එකේ එය රඳවා ගෙන සිටී.
මෙම කතානායකයා රැකියාව ලෙස වෙළෙඳසලක් පවත්වාගෙන යනු ලබයි. මෙම සිදුවීම වුණ දින හෙතෙම කඩේ වැඩ අවසන් කර මහ රාත්‍රීයේ නිවස බලා ගියේ නා ගැනීමේ අරමුණ ඇතිවය.
පසුව නිවසට ගිය මොහු නා ගැනීම සඳහා නාන කාමරය වෙත ගියේය. තමා පැලඳ සිටි උපැස් යුවළ පෙර පරිදි ටී ෂර්ට් එකේ රඳවා පැත්තකින් තබා නා ගත්තේය. පසුව ටික වේලාවකින් නාන කාමරයෙන් එළියට ඒමට පෙර මොහු ඇඳ සිට් ටී ෂර්ට් එක සේදීමට වොෂින් මැෂින් එකට දැම්මේ කණ්ණාඩි කුට්ටම ගැන අමතක වීමෙනි.
පසු දින ඔහුගේ භාර්යාව තවත් රෙදි ටිකක් සමග අර ටී ෂර්ට් එක වොෂින් මැසිම ක්‍රියාත්මක කර සේදීය. මොහොතකින් ස්වාමියා කඩේ වැඩට යාමට පිටත් වීමට පෙර තම කණ්ණාඩි කුට්ටම මතක් වී එය සෙවීය. සෑම තැනම එය සෙව්වත් හමු නොවීය.
තව දුරටත් මතක් කර බැලීමේ දී තමා පෙර දින ඇඳ සිටි ටී ෂර්ට් එක මතක් විය. එය කොහේ දැයි බිරියගෙන් විමසු විට ඒක මං වොෂින් මැෂින් එකට දමා සේදුවා යැයි කීය. ‘එහෙනම් හරි වැඩේ’ යැයි කියා දෙදෙනාම වොෂින් මැෂින් එක වෙත ගොස් බැලීමේ දී ඇඹරී තිබු කණ්ණාඩි කුට්ටම හමුවිය. හරි පුදුමයකි එසේ රෙදි සමග ඇඹරී තිබු කණ්ණාඩිය අතට ගෙන එහෙට මෙහෙට කර හදා ගත් පසු පෙර පරිදිම භාවිතයට ගත හැකි ලෙස සකස් විය. අදටත් මේ කතා නායකයා පාවිච්චි කරන්නේ වොෂින් මැෂින් එකෙන් ඇඹරී ගිය වටිනා කණ්ණාඩි කුට්ටමය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කණ්නාඩි කුට්ටම වොෂින් මැෂින් එකේ සෝදලා