IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කට දැවිල්ල වැඩිවෙලා: පොකට්ටුවටත් තට්ටුවෙලා

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


කලකින් මුණගැසුණු මිතුරන් දෙදෙනකු  මුහුදු හුළං වැදෙමින්   හිරි පොදත් සමග සැන්දෑවක අවන්හලකට ‍ගොඩ වැදුණේ මේ දෙදෙනා ආ වාහනය ද කිසිවකුට නොපෙනෙන ලෙස ගාල්කරමිනි.
 මේසයක වාඩි වූ පසු සේවකයා ආහාර වට්ටෝරු පොත පිළිගැන්වීමෙන් අනතුරුව  රැගෙන ආ මධුවිත බෝතලයට ගැලපෙන කටගැස්මක් සහ මිශ්‍ර කිරීමට බීම ද නම් කළහ.
ඒ අතර මිතුරන් දෙදෙනා  ආගිය තොරතුරු කතා කර විනාඩි විස්සක් විසිපහක් ගත කරන අතරතුර කලින් ඇණවුම් කරන ලද  සූකර කටගැස්ම රැගෙන ආපනශාලා සේවකයා සර්ලට තව මොනවද අවශ්‍ය යැයි විමසුවේ ලෙන්ගතුවය. එහිදී  දෙහි පෙති කීපයක  අවශ්‍යතාවද සපුරාගෙන චියර්ස් කියා වැඩේ ආරම්භ කළහ.  
මේ දෙපළට කටගැස්ම සැර වැඩිවීමෙන් තරු විසිවී හායි හූයි කියැවිණි. කෙසේ වෙතත්  කට ගැස්ම දැවිල්ල වුණත් නැතත් මුදල් ගෙවන එක අනිවාර්යයෙන් සිදු කළ යුතු බව දෙදෙනාම වටහා ගත්හ. වැඩේ අවසන් කිරීම‍ට තීරණය කර ඉන් එක් මිතුරෙක්  අපි පිපිඤ්ඤා ප්ලේට් එකක් ඕඩර් කරමු යැයි අනිත් මිතුරාට යෝජනා කළේය.
යෝජනාව අනුමත විය. සේවකයා අමතා අවශ්‍යතාව පැවසීය.  එහෙත් පෙර ඇණවුම් කර ආහාර වට්ටෝරුවේ මිල ගණන් දැනගෙන තිබූ නමුත් පිපිඤ්ඤා පෙති කැපූ පිගානේ මිල ගණන විමසා නොමැත. ඒ එයින් කරන්නේ පිපිඤ්ඤා ගෙඩියක්  පෙති කපා ලුණු ගම්මිරිස් දැමීම පමණක්නේ යන සිතුවිල්ලෙනි. දෙදෙනා එහෙම සිතා කටගැස්මේ තිබූ දැවිල්ල මගහැර ගැනීමට ලැබීම ගැන සතුටට පත්ව මුහුදු වෙරළ අසල අවන්හලෙන් යෑමට මත්තෙන් සේවකයා ලවා බිල ගෙන්වා ගත්හ. 
එහිදී පෙර මිල ගණන් අනුව ඇණවුම්  බීම වර්ග හා කටගැස්මට අමතර තවත් රුපියල් 770 ක් ඊ‍ට එකතු වී තිබීමෙන් දෙදෙනාම වික්ෂිප්ත වූහ. ඒ ගැන සේවකයාගෙන් විමසූ විට  ඔහු කියා ඇත්තේ මේ ගාන පිපිඤ්ඤා පෙති පිගානට බවය. සේවා ගාස්තුව ද ඇතුළත්ව බව පැවසීමෙන් දෙදෙනාට දෙවැනි වරටත් තරු විසි වී  පිපිඤ්ඤා පිගානේ මුදලද ඇතුළුව මුළු මිලම  ගෙවා  එතනින් නික්ම ගියේ ආයෙත් මේ අසලින් යද්දී ඒ පැත්තවත් නොබලන්න සිතාගෙනය. 
මේ දිනවල පිපිඤ්ඤා  ඇතුළු එළවළු විකුණාගැනීමට බැරිව ගොවීන් හූල්ලන කතාවක්  මැදදී මුහුදු සුළං වැදෙමින් හීනියට සෙට් වෙන්න ආ මේ දෙන්නා කටින්ම කට දැවිල්ලෙන් වෙච්ච දේ කියා තවත් මිතුරන් පිරිසකට පවසා තිබේ.

 



අදහස් (2)

කට දැවිල්ල වැඩිවෙලා: පොකට්ටුවටත් තට්ටුවෙලා

mangala Monday, 02 October 2023 04:23 PM

ෆේස්බුක් ලයිව් දානවා කියලා වීඩියෝ එකක් ගත්තා නම් හරි ගාන ලියලා දෙයි. එහෙම නැතත් ඔය වගේ තැන් විඩියෝ කරලා දාන්න ඕනෑ. එතකොට දෙපාරක් හිතනවා මිනිසුන්ව සූරන් කන්න කලින්. කොහොමත් ලංකාවේ මිනිස්සු මතට ලොල්බව ඕනෑවට වැඩියි...

:       0       1

himal Monday, 02 October 2023 04:26 PM

ඔය පිපිඤ්ඤා කියන්නේ ගර්කින් වලට... ඒවා කොහෝමත් ගණන්.. අනික හෝටලේක මිල අය කරන්නේ සේවා සැපැයීමටත් එක්ක... එහෙම නැතුව රු 770ක පිපිඤ්ඤා නෙවෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site