IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දෙන්නාම ගොඩනැගිලි ක්ෂේත්‍රයේම නියුත්තෝ වෙති. අහල පහළ ගම් දෙකකය. මේ දෙන්නාගෙන් එක් අයකුට හරියට වැඩය. ඔහු රජ වැඩකාරයෙකි. අනෙකා කිව්වොත් බොරුවක්ය. ගැහැව්වොත් ගැටයක්ය. මේ නිසාම ඔහුට වැඩ ලැබෙන්නේ ඉඳහිටය. කලාතුරකින්ය. කවුරුත් නැති අවස්ථාවලදීය. ඒ වැඩ දෙන අයට කරන ලද කෛරාටික වැඩ නිසාත් ඔහුට වැඩ අඩුවී තිබුණි. ඒ ඔවුන් අන්දවා බඩුවලින් කොමිස් මුදල් ගැරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සඳහා ඔහු රුසියෙකි. ගජ හපනෙකි.


ඔහු එදා සිය මිතුරා හමුවීමට පැමිණියේ උදව්වක් ඉල්ලගෙනය. ඒ සිය නිවෙසේ වැඩකට යකඩ පෑස්සුම් යන්ත්‍රයක් ඉල්ලා ගෙනය. හා ඕක මොකක්ද වැඩේ කරගෙන මට ඔයාට කැමති දවසක ගෙනත් දෙන්න යයි කීවේ සැබෑම මිතුරෙකු ලෙසය. ඒ අනුව ඔහු එම උපකරණය සති දෙක තුනකට පසුව මිතුරාට ආපසු ගෙනත් දුන්නේය. ඔහු ස්තූතිය පමණක් පුදකරමින් එම උපකරණය මිතුරාට දී ඔහු දෙස උපැස් යුවළෙන් හොරෙන් බලා යන්න ගියේය.
ඊට දින තුන හතරකට පමණ පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා පියවර ගත්  මහතෙක් ගොඩනැගිලි ඉදිකිරීමේ මිතුරා හමුවීමට පැමිණියේය. බොහෝම ආචාරශීලීව ‘අනේ මහත්තයා මම ආවේ ඔයා හම්බ වෙන්න ඔයාගේ අර යකඩ පාස්සන උපකරණය කුලියට අරගෙන යන්න ආවේ’ යයි කීවේය.
 ‘මහත්මයා කොහොමද දැන ගත්තේ ඒ උපකරණය මගේමයි කියලා?’  ඔහු ඇසුවේය. මම කෙනෙක්ට මගේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ යකඩ වැඩ ටික දුන්නා. ඔහු මේ උපකරණය ගෙනැවිත් තිබුණා. එතකොට තමයි මම දැනගත්තේ මේ උපකරණය ඔයා දවසකට රුපියල් 5000 ගානේ කුලියට දෙනවයි කියලා. හැබැයි මහත්තයෝ මම මිනිහව එළෙව්වා. මම ගොනාට අන්දලා මගෙන් යකඩවලින් කොමිස් ගහලා අහුවුණා. මිනිහගේ කයිය විතරයි වැඩත් නැහැ. ඒ නිසාම මම මිනිහා එළෙව්වා.
 මහත්තයා මම ඒ උපකරණය එයාට බද්දට දුන්නේ නැහැනේ. මම යහළුකමට නිකං දුන්නේ යයි ඔහු කීවිට ආවේ හරිම තරහක්ය. ‘අපේ මහත්මයාත් මේ උපකරණය අරගෙන ගිහිල්ලා වැඩේ කර ගන්න’ කියා උපකරණය දුන්නාලු.

කරන්දෙණිය  -  එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site