කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
නව විදුහල්පතිනිය සුබම සුබ නැකතින් වැඩ බාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මාරුවීම් ලද හිටපු විදුහල්පති නැවතත් එම විදුහලේ විදුහල්පති ලෙසට නැවත වැඩ බාර ගැනීමේ සිද්ධියක් ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයකින් අසන්නට ලැබේ.
මේ දෙදෙනාටම තමන් විදුහල්පතිධුර දැරූ විදුහල්වලින් මාරුවීමට මාරුවීම් ලිපි ලැබිණි. ඒ අදාළ අධ්‍යාපන කලාප කාර්යාලයෙනි. ඒ අනුව විදුහල්පතිනිය තමාට ලැබූ මාරුවීම් ලිපිය අනුව තමා පණමෙන් රැක බලාගත් විදුහලට සමුදී නව විදුහලේ වැඩ බාර ගැනීමට අවැසි පිඹුරුපත් සැකසුවාය. ඒ තමා සේවය කොට ඉහළ නැංවූ විදුහල මෙන්ම අලුතින් වැඩ බාර ගන්නා නව විදුහල ද දැනට තිබෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයකට ගෙන ඒමේ ඒකායන අරමුණ ඇතිවය.
චාරිත්‍ර වාරිත්‍රවලට මෙන්ම නැකතට මුල් තැනක් දෙන මෙම විදුහල්පතිනිය තමා වැඩ බාර ගැනීමට යන විදුහලේ වැඩ බාර ගැනීම සදහා නැකතක් ද සාදා ගත්තාය. ඒ අනුව ඇය නව විදුහලේ වැඩ බාර ගැනීමට යන්න ඔන්න මෙන්න තිබියදී දැනගන්නට ලැබුණේ මාරුවීම් ලැබුණද එහි හිටපු විදුහල්පතිම එම විදුහලේ විදුහල්පති ලෙස යළි වැඩ බාර ගන්නා බවය.
ඒ අනුව මේ විදුහල්පතිනියගේ වැඩ බාර ගැනීමේ උත්සවයට ආරාධනා ලැබූ පිරිසට හිස් අතින්ම ආපසු ඒමට සිදුවී තිබුණි.
මේ විදුහල්පති මාරුවීම් සහ මාරුවීම් අවලංගු හුටපටය නිසා දැන් මෙම විදුහල්පතිනියට ඉතා දුර බැහැර පාසලක විදුහල්පති ලෙස මුල් මාරුවීම් ලිපිය අවලංගු කර දීමට සූදානමක් තිබෙන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd