IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපලය මාමණ්ඩි පිටින් යවලා

වසර ගණනාවකට පසුව තම විවාහක පුතුගේ මුනුපුරා බලන්නට ගිය පියකු ලේලිය ගෙදරින් පන්නා දැමු පුවතකි මේ.
සිද්ධිය අනාවරණය වෙන්නේ මධ්‍යම පළාතට අයත් ගමකිනි. මෙම පවුලේ දරුවන් හතර දෙනෙකි. ඔවුහු ජනපද පෙදෙසක මුල් නිවසක වාසය කරමින් ඇති දැඩි වූහ.
පියා ගොවිතැනින් තම දරුවන්ට නිසි අධ්‍යාපනය දෙන්නට නිරතුරුවම වෙහෙසුණි. ඔවුහු නගරයේ ජනප්‍රිය පාසල්වලට ගොස් කෙසේ හෝ නිසි අයුරින් ශිල්ප ඉගෙන ගත්හ.
වැඩිමල් පුතා රජයේ රැකියාවකට පිවිසුනි. ඔහුගේ සහකාරිය ද රාජ්‍ය සේවිකාවකි. විවාහ වූ දෙදෙනා පිටත සිට බෝඩිමක රැඳී සේවයට ගියහ. කාලය කෙමෙන් ගෙවී යන අතරේ එම යුවළට දාව දරු පැටියෙක් ඉපදුනේය. ඒ අතරේ බිරියට අයත් ඉඩමක ඔවුනට කියා  නිවහනක් ඉදි කෙරිණි. ඔවුහු එම නිවසේ පදිංචියට ගියහ. එදා පැවැති උත්සවයට පවුලේ සියලු දෙනාම සහභාගි වුහ. මවුපිය දෙදෙනා මුනුපුරා දුටු පළමු දිනයද එදිනය.
ඊට වසර කිහිපයකට පසු පියා හදිසියේ මෙම ඉසව්වට ගියේය. ඒ ගමේ නඩයක් කැටුව ඥාති මළ ගෙදරකට සහභාගි වීම සඳහාය. ගිය නඩය ආපසු එන ගමනේ දී මෙම පියා සමග ඔහුගේ පුතුගේ ගෙදරට ගොඩ වූහ. ඒ වනවිට පුතු හා දියණිය සේවයට ගොස් සිටි නිසා බිරියගේ මව හා දඟකාර මුනුපුරා පමණක් නිවසේ රැඳී සිටියහ. මුනුපුරා සීයාට ලෙන්ගතු විය. යන්නට එපා කියා හඩා වැටුණි. මේ නිසා පැමිණි නඩය සීයා එහි නවතා ගමට යාමට පිටත් වූහ.


පුතා එන්නට පෙර පුතුගේ සහකාරිය වන ලේලිය ගෙට ගොඩ වුණාය. මාමණ්ඩිය ඉන්නවා දැක සතුටට පත්ව ආ ගිය තොරතුරු විමසුවාය. “දුවේ අපි මේ  මළ ගෙදරක ආවා. ඒ අයත් එක්ක යන ගමන් ගෙට ගොඩ වුණා. කොහේද ඉතිං මේ පොඩ්ඩා යන්න දුන්නේ නෑනේ. මං හිටියා. ආපු අය ගියා”මාමණ්ඩිය කීවේය. “අනේ බලන්න ඔයා කරපු දේ තනියම මදිවට නඩයක් එක්කම ගෙට ඇවිල්ලා. අපරාදේ අපේ සල්ලි. මගේ මහත්තයාට අපලයක් කියලා යන්ත්‍රයක් දැම්මා විතරයි. දවස් තුනක් යනකම් කිල්ලකට අහුවෙන්න එපා කිව්වා. ඔයා පුතා එන්න පෙර ගෙයින් පිට වෙන්න.”ඇය කීවාය. 
ඇය වහා මුළුතැන් ගෙට දිව ගියාය. භාජනයකට කහ දියර ගෙනැවිත් ගේ වටා ඉහින ගමන් මාමණ්ඩියගේ ඇඳුම් ද ගෙනැවිත් එළියට දුන්නාය.“අනේ ඔයා යන්න. අමනාප වෙන්න එපා. මේක ඔයාගේ පුතාගේම හොඳකට කරන දෙයක්නේ.”ලේලිය තොරතෝංචියක් නැතිව කියවනවාය.
වැටෙන් පිටිත සිට සරම හා කමිසය ඇඳ ගත් මාමණ්ඩිය පුතාගේ සරම කඩුල්ලෙන් පිටත වැටේ එල්ලා දෙපාවලට වාරු දෙමින් දැඩි අපහසුවෙන් කන්ද නැග පාරට පිවිස බස් රථයක නැගී මැදියම් රැයේදී තම ගෙට ගොඩ වී වෙච්ච අකරතැබ්බය කීවාලු. 

 

 මොරගොල්ලාගම  සිසිර කැලේගම



අදහස් (0)

අපලය මාමණ්ඩි පිටින් යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site