ඡන්ද ඔට්ටුව පැරදී අවන්හල් හිමියා කොත්තු බාස්වෙලා කොත්තු බාස් කැෂියර් වෙලා ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනා මේ දිනවල තමන්ගේ ඡන්ද ඔට්ටු ඉටු කරති. හේවාහැටට නුදුරු නගරයක අවන්හල් හිමියකු හා ඔහුගේ අවන්හලේම කොත්තු බාස් සමග ඇල්ලූ ඔට්ටුවකින් අවන්හල් හිමියා පැරැදී මේ දිනවල සිය අවන්හලේ කුස්සියට වී කොත්තු රොටී ගසනු දක්නට ලැබෙන අතර කොත්තු රොටී බාස් කැෂියර් කූඩුවට වී මුදල් ගනුදෙනු කරනු දැකිය හැකිවිය. 25 November 2019
තොවිලය නටද්දී කට්ටඬියාගේ ඉනේ තිබූ කොඩිවිනේ එළියට පැනලා තොවිල් නැටීමට කොඩිවින කැපීමට දක්ෂයකු බවට රටතොට පතල ඇදුරකු මෑත කාලයේ කළ හපන්කමක් පිළිබඳව බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයෙන් වාර්තාවෙයි. ඕනෑම තොවිලයක දිස්ටි මන්තර කියා පරලවන්නේද ඔහුය. යම් කෙනෙකුට කොඩිවිනයක් කර වත්තේ කොතනක හෝ වළ දමා තිබුණත් පරල වී දිවගොස් ඔහු එය රැගෙන එන්නේ බලා සිටිනවුන් මවිත කරවමිණි. 23 November 2019
පලතුරු මුදලාලිගේ පතල කරුණාවෙන් පාපැදිකරුවන්ට පොළොව පලාගෙන යන්න හිතිලා පලතුරු කඩය පිහිටියේ ප්‍රධාන මාර්ගයේය. දිනපතා පුහුණුවීම් කටයුතුවල යෙදුණ පාපැදිකරුවෝ පලතුරු කඩෙන් පලතුරු මිලදී ගත්හ. අතේ තිබෙන මුදලට ඒවා මිලදී ගන්නා ඔවුහු කඩය අයිනේ වාඩිවී පළතුරු අනුභව කර නැවත පුහුණුවීම් වල යෙදෙති. පාපැදිකරුවන්ට මුදලට අමතරව නොමිලේ ආනමාලු කෝලිකුට්ටු කෑමට දීම මුදලාලිගේ සිරිතය. නොමිලේ දෙන සෑම කෙසෙල් ගෙඩියක්ම මුදුන කපා දමා ඇති අතර ඔහු පවසන්නේ ඉදිලා වැඩි උනාම උඩ කලුපාට වෙනවානේ ඒ නිසයි කපලා තියෙන්නේ යනුවෙනි. මුදලාලි හොඳ මනුස්සයා ඒකනේ අපි 23 November 2019
කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන වැඩි පණ්ඩිතකම් කිරීමට ගොස් තමාට හිමි කුඹුරු වගා හානි වන්දිය අහිමි කර ගත් ගොවි මහතකු පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් ආශ්රිත ගොවි ජන සේවා කාර්යාලයකිනි. 23 November 2019
මිනිහ ගෑනිගේ ඡන්දය කැලේ යවන්න ‘අන්දකයිප්පු’ කවලා තමා ඡන්දය දීමට අපේක්ෂාවෙන් සිටින ජනපතිවරණ අපේක්ෂකයාට බිරිඳ ඡන්දය නොදෙන බව දැනගත් සැමියකු ඇගේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍රයට සාවද්‍ය තොරතුරු ඇතුළත් කොට තැපැල් ඡන්දය හිමිකම ප්‍රතික්ෂේප කරවූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි. 23 November 2019
මැතිවරණ ජය සමරා කෙසෙල් කැන් කඩයකටත් රිංගලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමගම දකුණේ තැන් තැන්වල පාර අයිනේ තිබූ අයිතිකරුවකු නොසිටි තාවකාලික කෙසෙල් කැන් කඩයක් දුටු කොලු රැලක් ජය සැමරුම් පොළක් යැයි සිතා කෙසෙල් ගෙඩි ඇති පදම් කඩාගෙන ගිල දමා අමාරුවේ වැටුණු පුවතක් දකුණේ දොඩම්වලට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය. 22 November 2019
උත්සවයකට ගිහින් බීලා යතුරුපැදිය හොරකුට දන්දීලා මීරිගම නගරයේ දංඕවිට හන්දියේ පසුගියදා (18) පැවැති උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයෙකු හොඳ හැටි සප්පායම් වීමෙන් පසු ඔහු පැමිණි යතුරුපැදිය එතැන දමා කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් පෙරේදා (19) උදේ පැමිණ බලද්දී යතුරුපැදිය අතුරුදන් වී තිබීමේ පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තා වෙයි. 21 November 2019
ලූනු ඉල්ලා වඬේ මුදලාලිට යකා නැගලා වඩෙත් එක්ක ලූනු ඉල්ලුවාට මුදලාලිට යකා නැග පාරිභෝගිකයකුට බැණ වැදුණ කතා පුවතක් පඬුවස්නුවර ප්‍රදේශයේ පොළකින් වාර්තා විය. 20 November 2019
හෝටලයේ තේ බොන්න කෝප්ප හිස්වන තුරු පෝලිමේ ඉන්න වෙලා ප්‍රධාන පෙළේ යයි කියන හෝටලයකට තේ බීමට ගිය පුද්ගලයකුට විනාඩි 20ක් පමණ කෝප්ප හිස් වනතුරු බලා සිටීමට සිදුවූ බව කියන පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 19 November 2019
පෙම්වතියගේ සිහියෙන් ලොක්කාගේ උගුලක හිරවෙයි අගනුවර කාර්යාලයක සුබසාධක වෙළෙඳසලේ තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබු ස්ථානයෙන් නැවත කාර්යාලයට රැගෙන ඒමට ගිය එහි සේවකයෙක් තම පෙම්වතිය හමුවීමට තිබු හදිසිය නිසා තරාදිය වෙනුවට එය බහාලන පෙට්ටිය පමණක් කාර්යාලයට රැගෙන ආ පුවතක් අගනුවරින් වාර්තාවේ. 16 November 2019
හීනෙන් සුලෝචනා සෙවූ සැමියා දමා බිරිඳ මහ රෑ ගෙදරින් ගිහින් විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් මත්පැන් පානය කර පැමිණ නිදාගෙන සිටියදී අනියම් පෙම්වතිය පිළිබඳ හීනෙන් දොඩවමින් සිටි සැමියාගේ බිරිඳ දරුවන් සමග මහ රෑ මහ ගෙදර බලා යාමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වේ. 16 November 2019
කොටහළුව සොයා ගිහින් ගුටි නොකා බේරිලා අධික බීමතින් සිය මිතුරාගේ මගුල් ගෙදර යාමට ගොස් අවසානයේ මගුල් ගේ සොයාගැනීමට නොහැකිව අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව වාර්තා වේ. 16 November 2019
මළගමේ සාජ්ජෙට සුදු කොඩිය හරස්වෙලා වාහනයේ ගසා තිබූ සුදු කොඩිය ගලවා දමා ගී ගයමින් මළ ගෙදරක ගිය පිරිසක් පිළිබඳව පුවතක් පසුගියදා අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 16 November 2019
ගෑනුන්ට බඩු විකුණන්න ඇවිඳින් ආච්චිගෙ හැඹිලියට විදලා කාන්තාවන් සඳහා වූ නිෂ්පාදන ප්රචාරයේ නිරත වූ තරුණයින් දෙදෙනකු පසුගිය දා කඹුරුපිටිය නගරා සන්නයේ නිවසකට ගියේ එහි ඉස්තෝප්පුවේ වියපත් කාන්තාවක් සිටින බව දුටු නිසාය. මෙම කාන්තව වාඩි වී සිටියේ තම කකුලක වූ දදයක් අතගාමින් වේදනාවෙනි. 16 November 2019
වැස්සට තෙමිලා බිරියගෙනුත් අම්බානක බැණුම් අහලා කුඩය බෑගයේ තබාගෙන මහ වැස්සේ තෙමෙමින් දුම්රියට ගිය ඉහළ තනතුරක් දරන නිලධාරියකු බිරියගේ දෝස්මුරයකට ලක්වීමේ පුවතක් පසුගියදා කොළඹ කොටුව දුම්රිය පොළේදී අසන්නට ලැබුණි. 15 November 2019
අමුතු ඡන්ද ඔට්ටුවක් අල්ලා සැමියාත් - මිතුරාත් ගෙදරින් පිටුවහල් කරලා බමන මතින් තම මිතුරෙකු සමඟ ජනාධිපතිවරණ ඡන්ද ඔට්ටුවක් ඇල්ලීමට උත්සාහ කළ පුද්ගලයකු, බිරිදගේ නියෝගය මත නිවෙසින් පන්නා දැමීමේ සිද්ධියක් බදුල්ලෙන් වාර්තාවේ . 14 November 2019
මත්ලෝලි තරුණයා රොටියක් සෝදා පිඟන් රාක්කයේ තබලා මව රාත්‍රී කෑමට පුළුස්සා තබා තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක පිඟන් රාක්කයේ තැබූ තරුණයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 13 November 2019
බස්රිය නතර නොකළැයි උරණ වූ මගියා කොන්දොස්තරට පහර දීලා බලන්ගොඩ නගරයේ සිට වේළිඔය නගරය දක්වා ධාවන වූ ශ්‍රී ලංගම බස්රථයක් නියමිත නැවැතුමේ නතර කොකළැයි උරණ වූ මගියකු කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් බළංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 11 November 2019
ගේමක් ගසා කොස් කඩන්න ගිහින් තරු පෙනිලා කඹුරුපිටිය මහ රෝහල අසල වූ සරු සාර ගමකි. කොස්ගසක අවාරයේ ගෙඩි හැදී ඇති බව දුටු තරුණයින් දෙදෙනකු ගෙවතු හිමියා හමුවට ආවේ පන්සලේ දානය සඳහා කොස් ගෙඩි දෙකක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. 08 November 2019
බස්රියේ සිටි සැමියාට බිරියගේ දුරකතන ඇමැතුමෙන් රතු ඉර පැනලා තොර තෝංචියක් නැතිව බිරියගෙන් එන දුරකතන ඇමතුම් නිසා උන්හිටි තැන් අමතක වූ සැමියකු බස් රථයක් තුළදී බිරිඳට කෑ ගැසූ පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය. 07 November 2019
හොරාගේ අම්මාගෙන් හොරාගැන පොලිසියට ඔත්තුවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයක සතිපොළක සිදුවූ අර්තාපල් ගෝනි සොරකමක් සම්බන්ධයෙන් හොරාගේ අම්මාගෙන්ම පොලිසියට ඔත්තුවක් ලැබුණු පුවතක් වාර්තා විය. 06 November 2019
හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ භාණ්ඩ සොරාගත් සොරෙකු පසුව සී.සී.ටී.වී. කැමරාවලට බියෙන් සොරාගත් එම බඩු, සමාව ගැනීමේ ලිපියක්ද සමග ව්‍යාපාරිකයාට එවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය. 05 November 2019
පුතාගේ දුරකතනයෙන් ආ ගැහැනු හඩින් මවුපියෝ හොල්මන් වෙලා දුර බැහැර පෙදෙසක රැකියාවට ගිය ගමේ තරුණයකුගේ විසන්ධි කළ ජංගම දුරකතනය ඇමතූ විට ලැබෙන පිළිතුර කාන්තා කටහඬකින් වීම ගැන කුපිත වූ පියකු පුතා ආපසු කැඳවාගෙන ඒමට යෑමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමකින් වාර්තා විය. 04 November 2019
පඩිදා එකට ‘සළුවූ’ යාළුවා මිතුරාගේ බිරිඳගේ ඇඳේ එක්ව කා බී දෙමිතුරන්ගෙන් එක් අයෙකුට පදම වැරදීමෙන් අනෙක් මිතුරාගේ බිරිඳගේ ඇඳට වැටුන මිතුරා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව කොබෙයිගනේට ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 02 November 2019
හිරිමල් පෙම්වතාට නාකි පෙම්වතිය එපාවෙලා තරමක් තරබාරු ඇය පැහැපත් සමකින් යුතු කාන්තාවකි. වියපත් නමුත් ඇය තාරුණ්‍යය ආරූඪ කරගෙන සිටියාය. හත්වැනි දශකයට පා තබන්නට ඇයට ඇත්තේ තවත් වසර දෙකකි. එතරම් උස නොවූ ඇයට විරුද්ධ පසින් යෞවන වියේ පසුවන තරුණයෙකි. ඔහු අසල තවත් වසර දෙකකින් හයවැනි දශකයට පාතැබීමට නියමිත යෞවනයාගේ මවය. 02 November 2019
මොටෝ සයිකලේ නවත්ත ගන්න බැරුව සිංඤප්පු අමුඩෙ පිටින් ගමවටේ වයඹ පළාතේ ගැමි ගෙදරක වයස 65 ඉක්මවූ සිංඤප්පු කුලියට පොල් ලෙලි ගසමින් සිටියේ එය තම ජීවිකාව වූ නිසාය. ඔහු දිනපතා හිසට තුවායක් බැඳ අමුඩ ලේන්සුවක් පමණක් ඇඳ මෙම කාර්යයේ නියැලෙමින් සිටින්නේ ඔහුට එම ඇඳුම පහසු නිසාය. දිනක් එම නිවසට ඔහු හඳුනන පුද්ගලයකු නිවෙස් හිමියා හමුවීමට පැමිණියේ යතුරු පැදියකිනි. මේ ගමේ යතුරු පැදියක් ඇත්තේ කලාතුරකින් කෙනෙකුට නිසා යතුරු පැදිය දුටු සිංඤප්පුට එය පැද බැලීමට ආසාවක් ඇති විය. අනේ මලයො මටත් දීහංකො ටිකක් මේක පැදල බලන්න. මොටෝසයි 02 November 2019
අත්තම්මාගේ තනියට නිදාගත් මිනිබිරිය මහ රෑ පෙම්වතා එක්ක ගලක් උඩ අත්තම්මගේ ආරක්ෂාවට එක ඇඳේ නිදාගෙන සිටි දැරියක රාත්‍රියේ රැගෙන ගොස් ගලක් උඩ පෙම් සුව විඳිමින් සිටි තරුණයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පහරදී පොලිසියට බාරදීමේ පුවතක් පසුගිය දා වාර්තා විය. 02 November 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026