IMG-LOGO

කඬේ ළඟ තිබූ‘මිනිය’ පොලිසිය එද්දී දුවලා

කෑගල්ල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119 හදිසි දුරකතන අංකයට දැන්වීමෙන් පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට යන විට මිය ගොස් සිටියා යැයි කියන පුද්ගලයා පොලිසිය දැක නැගිට පලාගියේ යැයි කියන පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


ඉකුත් 14 දා කෑගල්ල පොලිස් වසමේ අලපලාවල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයකු මිය ගොස් ඇතැයි වෙළෙඳසල් හිමියා 119 හදිසි දුරකතන අංකයට දන්වා ඇති බව කෑගල්ල පොලිසිය කියයි.


පසුව කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් කුමාර පාරඹේ (53659) නිලධාරියාට හදිසි මරණයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව තිබියදීත් එය පසෙකලා පොලිස් සැරයන් නිශ්ශංක (18060) මහතා සමග විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්‍ෂිකා දීපා මහත්මිය විසින් නිලධාරීන් දෙදෙනා අදාළ ස්ථානය වෙත යැවීමටත් මිය ගිය පුද්ගලයාගේ මූලික තොරතුරු සටහන් කර වාර්තාවක් කෑගල්ල පොලිසියට සපයන ලෙස දන්වා නිලධාරින් දෙදෙනා පොලිස් ස්ථානයෙන් පිටත් කර යවා තිබුණි.


එම  කාලය අතරතුර කෑගල්ල පොලිසිය කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයාටද දන්වා අදාළ ස්ථානයට යැවීමට සූදානම් කෙරිණි. මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳ සැක සිතූ පොලිසිය වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළේය.


අලපලාවල වඩුපොළ පුද්ගලයකු මිය ගොස් සිටිනවා යැයි කියන වෙළෙඳසල වෙත ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනා යන විටද ප්‍රදේශයේ ජනතාව එක් රොක් වී සිටියහ. එහි සිටි පුද්ගලයකු “පොලිසියත් එනවා”යි කියනවාත් සමග මිය ගොස් ඇතැයි කියන පුද්ගලයා නැගිට ජනතාව අතරින්ම දිව ගිය බව පොලිසිය කියයි.


පසුව පොලිසිය ඔහු අල්ලා ප්‍රශ්න කළ විට කියා ඇත්තේ තමන් කෑගල්ල පොලිස් වසමේ දිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් තම සහෝදරයකුගේ නිවසට ඉකුත් 13 දා රාත්‍රී යන්නට ගිය අවස්ථාවේදී තද නිදිමත ගතියක් දැනුණු බවත් පසුව තමන් තැන නොදැන නිදාගත් බවත්ය.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මියගියා යැයි කියන පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර සහෝදරයාගේ නිවසට යාමට නොහැකිව අලපලාවල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක මිදුලක වැටී ඇති බවය.


මහජනතාව ද කිසි දෙයක් සොයා බලන්නේ නැතිව අවශ්‍ය දේටයි අනවශ්‍ය දේටයි හදිසි දුරකථන අංකය භාවිත කිරීමෙන් පොලිසිය අනවශ්‍ය අපහසුතාවට පත්වෙන බවද ඒ මහතා පැවසීය.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

 



අදහස් (0)

කඬේ ළඟ තිබූ‘මිනිය’ පොලිසිය එද්දී දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site