IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මඟුල් දා රෑ ඇඳ කඩා වැටිලා

නව යුවළ නිවසට පැමිණි මංගල දිනයේම ඔවුන් නිදා සිටි ඇඳ කඩාවැටීමෙන් තුවාල ලැබූ මනාල යුවළ රෝහල කරා රැගෙන යාමට සිදුවීමේ පුවතක් රජරට පළාතේ ගමකින් අසන්නට ලැබුණි.


ගම්වාසීන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.


මේ දෙදෙනා පළාත් දෙකකය. දෙදෙනා ඇඟලුම් හලක සේවය කරමින්  සිටියදී ගොඩනගාගත් පෙම් සබඳතාවට දෙපාර්ශ්වයේ කැමැත්ත ලැබීම නිසා ඉකුත් දිනෙක පළාතේ ප්‍රසිද්ධ හෝටලයක මංගල උළෙල ජයටම සිදු කෙරිණි. යුවළ හෝටලයේම නවාතැන් ගැනීමෙන් පසු දෙවැනි දිනයේ මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන්ද කැටුව මනාලයාගේ නිවසට පැමිණ තිබේ.


මනාලියගේ පාර්ශ්වය දෙවැනි ගමන පැමිණ ඇත්තේ මනාලිය සතු දෑවැදි ආදියද ජයටම රැගෙනය.


මේ අතර මනාලයාගේ කාමරයේ ඇති පැරැණි ඇඳේ සවිකර තිබූ ඇණ මුරිච්චි ආදිය පෙර දිනයේ බාගෙට ගලවා තිබුණේ මනාලියගේ දෑවැද්දට ගෙනෙන අලුත් ඇඳ කාමරයට ඉක්මනින්ම ඇතුල් කර පැරැණි ඇඳ මාරුකිරීමේ පහසුව සඳහාය.


කෙසේ වෙතත් ඔවුන් එදින නිවසට පැමිණීමේදී සවස් වීමත් සියල්ලන්ම හෙම්බත්ව සිටීමත් නිසා ගෙනා දෑවැදි සියල්ල පසු දින පිළිවෙළකට  එහි ඇසීරීමට ඔවුහු සැලසුම් කළහ.


ඒ අනුව මනාල යුවළ මනාලයාගේ සුපුරුදු ඇඳේම එදින නින්දට ගොස් ඇතත් තම ඥාතීන්  ඊට පෙර දින ඇඳේ කොටස් ගැලවීමට ඇණ බුරුල් කර තිබෙනු යුවළ දැන නොසිටි අතර ඒ බවක් පවුලේ උදවියටද පැවසීමටද අමතක වී තිබේ.


ඒ අනුව ඔවුන් එම ඇඳේ නිදා ගැනීමට සැරසෙනවාත් සමගම ඇඳ ගැලවී කොටස් වෙන්ව ගොස් ඇත්තේ දෙදෙනාගේම කොන්දට හානි පමුණමිනි.


ඔවුන්ගේ කෑ ගැසිල්ලට  හා ඇඳ කඩා වැටෙන ශබ්දයට පවුලේ පිරිස් කාමරයට දිව ගොස්  ඔවුන් ඉවතට ගෙන නිවසේ තිබූ හන්දි තෙල් ගා දෙදෙනාටම ගොඩ වෙදකම් කිරීමෙන් අනතුරුව ගැලවූ ඇඳ පසෙක තබා වෙනත් කාමරයකට ගොස් නිදාගෙන තිබේ.


 කෙසේ වෙතත් පසුදින යුවළ රෝහලක් කරා රැගෙන යාමට පවුලේ ඥාතීන්ට සිදුවිය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 



අදහස් (5)

මඟුල් දා රෑ ඇඳ කඩා වැටිලා

Walter White Saturday, 21 December 2019 01:32 PM

පරණ ඇඳේ ඉඳන් සෙල්ලම් දානකොට ඔරොත්තු දෙන්නේ නැහැ තමයි..

:       26       102

Uditha - London Monday, 23 December 2019 03:57 AM

බැන්දට පස්සේ කරන සෙල්ලම් පරණ ඇඳට ඔරොත්තු දෙන්නේ නැහැ. කොහොම වුණත් හරි සුන්දර අත්දැකීමක්..

:       6       81

banda Monday, 23 December 2019 02:55 PM

ඔක්කොටම කලින් හොඳට ඇඳේ සවි ශක්තිය ගැන කල්පනාකාරී වන්න..

:       0       21

anura Tuesday, 24 December 2019 05:44 AM

මෙවැනි සිද්ධි හාස්‍ය උත්පාදක ලෙස ගෙන ප්‍රසිද්ධ කිරීම ඉතා කණගාටුවට කරුණක් සහ අසීලාචාර ක්‍රියාවකි.

:       4       0

nuwan Tuesday, 24 December 2019 06:09 AM

සදාකාලික අබ්බගාත වුනා නම් බලන්න තිබ්බා.. මේවා විහිලු නොවේ. ඇඳේ ඇණ ගලවලා අමතක කරලා දාපු නෑයින්ට කනට ගහන්න ඕනෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site