IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක්

 රජරට පුරවරයෙන් වයඹ පුරවරයට ගම ගෙදර  බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට අවට ප්‍රදේශයේ තරුණයන් එක්ව ලබා දුන් තෑග්ගකින් ගම ගෙදර බැලීමට පැමිණි පිරිස දැඩි අසරණතාවකට පත් වූ පුවතක් මහවැලි එච්. 4  කලාපයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


 පෙම්වතා රජරට පුරවරයේ එච් කලාපයේය.  පෙම්වතිය වයඹ පුරවරයේ ජනපද ගම්මානයකය. ඔවුන් දෙදෙනා අතර කලක සිට ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවකි. දෙදෙනාම නිසි වයස් සපුරා ඇති බැවින් ඔවුන්ගේ ගම ගෙවල් බැලීමට වැඩිහිටියෝ තීරණය කළහ.


 ඒ අනුව පසුගිය දිනෙක පෙම්වතාගේ පාර්ශ්වය පෙම්වතියගේ නිවහන පිහිටි වයඹ ජනපද ගම්මානයට පැමිණියේය.


 ඔවුන් එහි පැමිණ දෙපාර්ශවයේ ඥාතීන් එක්ව කාලය ගත කරමින් සිටින අතර වාරයේ ඒ අවට ගම්මානයක තරුණ පිරිසක් පෙම්වතාගේ පවුලේ අයවලුන් සොයා එහි පැමිණියහ. 


එහි  මිදුලේ  නවතා තිබූ  වෑන් රථයක් පෙන්වා ඉන් පැමිණි පිරිස කවුදැයි තරුණයෝ විමසූහ.


 ඔයාලා අපි මීට ඉස්සර දැකලා නැහැ.  නමුත් අපි පාර දිගට ඔයලා ආ විස්තර හොය හොයා කිලෝ මීටර් හතක විතර දුරක් ගෙවාගෙන තමයි  මේ ආවේ. අපි හිතුවේ ඔයාලා හොයාගන්න බැරිවෙයි කියලා. කෙසේ වෙතත් හමුවීම ගැන සන්තෝෂයි.  


අපි ආවේ ඇයි කියලා දන්නවාද? ඔයාලා එද්දි ගෙනාපු තෑග්ගක් මග දාලා ආවා. ඒක හිතාමතා වැටුණාද, දාලා ආවද දන්නේ නැහැ. ඒ වුණත් අපි ඒක දීලා යන්නයි ආවේ. කියා තරුණයින් අතර සිටි කටකාරයෙක් පැවසීය.  
“මෙන්න ගන්න කියා එහි ජැංඩියට  ඇඳ සිටි රූමත් තරුණියක අත පාර්සල් කළ පෙට්ටියක් තැබුවේය. එය දෝතින්ම ගත් තරුණිය පරීක්‍ෂා කර බලා කෑ මොරදීගෙන විසිකර දමා ඉවතට දිව්වාය. විසිවී ගිය පෙට්ටියෙන් පූස් පැටව් හතර දෙනෙක් එළියට පැන ගත්හ. 


“ඔයාලා එද්දී මේ සතුන් ගෙනැවිත් අපේ ගමේ කැලෑ සීමාවේ විසි කරනවා අපි දැක්කා. ඒ හින්දා යනකොට මේවා අරගෙනම ගියොත් හොඳයි. එහෙම නැතුව අතරමග විසි කරලා ගිහින් තිබුණොත් ආයෙත් දවසක මෙහේ මඟුල් කන්න නාවොත් හොඳයි. යනුවෙන් තර්ජනාත්මක ස්වරයෙන් පවසා එළියට විසි වූ පුස් පැටවුන් ටික අල්ලා රජරට පෙදෙසින් විත් නවතා තිබූ වෑන් රථය ඇතුළටම දැමූහ.


 තරුණ පිරිස ඉන් ඉවත්ව ගියත් පෙම්වතාගේ පාර්ශවය උදවිය පෙම්වතියගේ නිවසේ රැදී දවල් ආහාරය ගෙන ඒ ගැන වගේ වගක් නොකියා ලැජ්ජාවෙන් යුතුව කල් ගෙවා පූස් පැටව් ටිකත් අරගෙනම එච්. කලාපයේ තම ගම්මානය කරා යන්න ගියාලු. 
 (මොරගොල්ලාගම සිසිර කැලේගම)



අදහස් (0)

මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site