එක ටිකට්පතකින් චිත්‍රපටයක් සහ නාට්‍යයක් නැරඹීමට සිනමා රසිකයින්ට ලද අපූරු අවස්ථාවක් පිළිබඳව ලංකාදීපයට වාර්තා විය.

මෙම සිදුවීම සියැසින් දුටු බොහෝ දෙනකු පැවසූ අන්දමට කතාව මෙසේය.
එක්තරා මැදිවියේ අයකු තම අනියම් බිරිඳ සමග චිත්‍රපටියක් බැලීමට සිනමා හලකට ගොස් ඇත. අනියම් සබඳතාව පිළිබඳ නියම බිරිඳට තොරතුරු දැන ගැනීමට ලැබී ඇති අතර එය අතටම අල්ලා ගැනීමට ඇය බොහෝ වෙහෙස මහන්සි වූවාය.
මේ අතර අහවල් සිනමා ශාලාවේ ජෝඩුවම චිත්‍රපටියක් බලන බව නියම බිරිඳට දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුණි. වහා ක්‍රියාත්මක වූ බිරිඳ ත්‍රිරෝද රථයකින් සිනමා ශාලාවට ගොස් දුරකතන ඇමතුම අනුව පළමු පන්තියේ දෙවන පේළියේ කෙළවරට ගොස් බලනවිට දෙදෙනා තුරුළු වී සිටින අයුරු දැක ඇය අතෙහි වූ කුඩයෙන් අනියම් බිරිඳට හා තම සැමියාට නොනවත්වා පහර දීමට පටන් ගත්තාය. නොසිතූ පරිදි හිසට උරහිස්වලට වැදුන පහරවල් නිසා අනියම් බිරිඳ කෑ ගසන්නට පටන්ගෙන ඇත.
මේ අවස්ථාවේ සිනමා ශාලාවේ ලයිට් සියල්ල දමා බලනවිට චිත්‍රපටිය නරඹන පිරිසට දැකගත හැකිවූයේ නියම බිරිඳ අනියම් බිරිඳට පහර දෙන ආකාරය හා සැමියා එය වැළැක්වීමට දරණ උත්සාහයයි. චිත්‍රපටිය බලමින් සිටි අයට මෙය අපූරු නාට්‍යයක දර්ශනයක් වී ඇත. විනාඩි දහයක් පමණ කාලයක් තුළ පැවති මෙම නාටකය අවසන් වූයේ තම සැමියාගේ අතින් අල්ලා ඇදගෙන ඔහු ත්‍රිරෝද රථයේ නංවාගෙන එතනින් ඉවත් වූ පසුවය. චිත්‍රපටිය යළි ආරම්භ වී ඇත.
සිනමා ලෝලීන් පවසා ඇත්තේ ‘අද මරු දවස එක ටිකට් එකෙන් චිත්‍රපටිකුයි නාට්‍යයකුයි බලන්න ලැබුණා.” යනුවෙනි.
(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චිත්‍රපටය අස්සේ අනංග නාටකයක සටන් ජවනිකාවක්