පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා
ව්‍යාපාරිකයකු වූ තම පියා මුලා කරගෙන විවිධ දේවල් කඩාවඩා ගන්නවායැයි සැක සිතූ දරුවන් තම පියාගේ ක්‍රියාකලාපය සොයා බැලීමට කථිකා කරගත්හ. ඒ අනුව දිනක් පියා පසුපස ගිය එක් දියණියක් තම පියාගේ උතුම් සද්කාර්ය සියැසින් දැක ඇය අත තිබූ මුදල් ද පරිත්‍යාග කිරීමටත් පසුව පියාගේ පුණ්‍ය ක්‍රියාවට පවුලේ සැවොම උදව් කළ පුවතක් සියනෑවේ ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.