IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘වසර 2025 වන විට රටේ සැමට නිවසක් ලබා දෙනවා’

(මනෝජ් හර්ෂික)
 
2019 වර්ෂයේ සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර රට පුරා උදා ගම්මාන 2500ක් ඉදිකරන බවත් 2025 වර්ෂය වන විට උදා ගම්මාන 20,000ක් ඉදිකරමින් රටේ සියලු දෙනාට නිවසක් ලබාදීම තම අරමුණ බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) පැවැසීය.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් උදා ගම්මාන 2,500ක් ද දෙවැන්න වශයෙන් ගම්මාන 5,000ක් ද තෙවැන්න වශයෙන් ගම්මාන 10,000 ක් හා සිව්වන අදියර වශයෙන් උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එලල්ල සහ කැටන්වැව ඉදිවූ සඳසිසිලගම සහ සිවරජගම උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා අද (22) මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

"මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2,319 ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. අපගේ පළමු ඉලක්කය වෙත යන්නට තව ගම්මාන ගණන 181 ක් අලුතින් අප ආරම්භ කළ යුතුයි. අප නොසිතූ ලෙස පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අපගේ සංවර්ධන වැඩසටහන් මඳක් පසුබෑමට ලක් වුණා. එහෙත් අප මේ වන විට නැවත රජයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. කුමන බාධා එල්ල වුවද කෙසේ හෝ අපගේ ඉලක්කය ජය ගන්නවා" යැයි අමාත්‍යවරයා එහිදී කීය.



අදහස් (1)

‘වසර 2025 වන විට රටේ සැමට නිවසක් ලබා දෙනවා’

H.B.උදයංගනි හේරත් Wednesday, 01 January 2025 09:27 AM

ආධාර නිවසක් සාදාගැනීමයි. අපි ඉන්නේ ඉටි රෙදි වසාගෙනයි, වහලය උළු, බිත්ති, තහඩු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site