මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ දී තමන්ට එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කළ හැකිද ? එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර යනාදි භෞතික සම්පත් තමන් සතුව ඇත්නම් පමණක් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කරන මෙන් ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
ඉදිරියේ දී මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී දැනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම කොන්ත්‍රාත් සමාගම්වල කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන ලෙස ද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතාට උපදෙස් ලබා දී තිබේ.
නියමිත දිනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවසන් නොකිරීම නිසා කාලය සහ මහජන මුදල් විශාල වශයෙන් අපතේ යන බැවින් ඉලක්ක ගත සංවර්ධන කටයුතු අඩාල වන බැවින් ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධන වාර්තා පිළිබඳ පුළුල් අධ්‍යනයක් කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට තවදුරටත් උපදෙස් දී ඇත.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd