
(විනීතා එම් ගමගේ)
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මහජන දිනය සාමාන්‍යයෙන් පැවැත්වෙන පරිදි සෑම සඳුදා දිනයකම පැවැත්වෙන අතර කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ජනතාවට පැමිණීමට ඇති අපහසුතාව පිළිබඳව සළකා බලා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
අධිකරණ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය www.MOJ.GOV.Lk වෙත පිවිසීමෙන් ද අදාල සබැඳිය වෙත පිවිසිය හැකි බව අමාත්‍යංශය කියයි.
මීළඟ සදුදා දිනයේ මහජන දිනයට අදාලව ඉදිරිපත් කරන ගැටළු ඉරිදා දින පස්වරු 6.00ට පෙර ඉදිරිපත් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යංශය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.