(කොළඹ, ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා)
රට පුරා නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දිනෙන් දින වාර්තා වෙන ආසාදිතයන් සේම මරණ අනුපාතයද ඉහළ අගයක් ගෙන ඇත. කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන් අතුරින් බහුතරයක්ම අවුරුදු 60ට වැඩි වයස්ගත වූවන්ය. රෝහල් ධාරිතාව සේම මෝචරිවලද දිගු පෝළිම් පාහේ දක්නට ලැබීම කෙතරම් ඛේදනීයද? සංචරණ සීමා පනවා සෞඛ්‍ය මාර්ගෝපදේශනද පිළිපදින මෙන් විටින් විට දැනුම්වත් කිරීම් කෙරුණද ඒ සඳහා ජනතාවගේ ඇති අනුගත වීම කෙතරම්ද යන්න ගැටලුවකි. වසංගත තත්ත්වය මර්දනය නොවී තව තවත් තීව්ර වුණොත් , දිවයිනේ සෙසු පළාත්වලද ව්‍යාප්තව ගියහොත් අදට වඩා හෙට දිනයේදී අපේම ආදරණීයන් බොහොමයක් අපෙන් වෙන් වී යනු ඇත.
එබැවින් සෑම මොහොතකදීම වසංගතය උදෙසා සටන් වැදීමටත් , සෞඛ්‍ය පුරුදු එයාකාරයෙන්ම පිළිපැදීමටත්, අනවශ්‍ය ගමන් බිමන් නවතා පුරවැසි යුතුකම, වගකීම ඉටු කිරීමටත් අපි සූදානම් විය යුත්තෙමු.
එනිසාම අමතකව යන පහත පුරුදු ටික මතකයේම තබාගෙන ක්‍රියාවට නංවමු.
* හදවත් රෝග, දියවැඩියාව, ආඝාතය, ශ්වසන රෝග මෙන්ම පෙනහලු රෝගාබාධවලට අවදානම ඇති පුද්ගලයන් දැඩි ලෙස මේ කාලයේදී පරෙස්සම් විය යුතුයි.
* ඔබ කුමන හෝ නිදන් ගත රෝගයකින් පෙළෙයි නම් වෛද්‍ය ප්‍රතිකාර නිසියාකාරයෙන් ලබා ගන්න.
* අධික ස්ථුලතාව සේම දුම්පානය කරන පුද්ගලයන්ද කොවිඩ් වසංගතයේදී දැඩි අවදානමක ඉන්නා බව අමතක නොකරන්න.
* නිසි පරිදි ගුණවත්, පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වන්න.
* දෛනිකව අවශ්‍ය පමණ පිරිසුදු ජලය පානය කරන්න.
* උදාසීන ගතිවලින් බැහැරව නිරතුරු ක්රියාශීව ජීවත් වන්න.
* සුවපහසු , හොඳ නින්දක් ලබා ගන්න.
* ඔබ කෙතරම් කාර්යබහුල වුවද,ක්‍රියාශීලී වුවද හොඳ විවේකයකුත් ඔබට ඉතා අවැසි බව මතකයේ තබා ගන්න.
* ආතතියෙන් මිදෙන්න. හොඳ පොතක් කියවන්න. ලස්සන ගීතයකට සවන් දෙන්න.
* සරල ව්‍යායාමයක නිරත වීම ඔබේ දෛනික පුරුද්දක් කර ගන්න.
* මත් පැන් පානය, දුම් පානය,මත් කුඩු භාවිතයෙන් ඉවත් වන්න. මේවා ඔබේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය හීන කර දමයි. වසංගත කාලයකට ඔරොත්තු දිය හැකි පරිදි ප්‍රතිශක්තිය අවැසිම මොහොතක රෝගවලින් ආරක්ෂා වී නිරෝගීව සිටීමට නම් ඉහත ඇබ්බැහිවලින් මිදිය යුතුයි.
* සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති පරිදි සියලු යහපත් සෞඛ්‍ය පුරුදුවලට අවනතව ක්‍රියාත්මක වන්න. රටක් හැදීමට මත්තෙන් අඩුම ගානේ තම තමන්වත් සුරැකිව සිටින්න.
මේ අප පසු කරන්නේ ඉතාමත් තීරණාත්මක අවදියකි. මේ මොහොතේවත් පුරවැසියන් වශයෙන් අප යුතුකම්, වගකීම් අමතක කර දමා රිසි සේ ක්‍රියා කළ හොත් මේ අප ගෙවන්නේ ජීවිතයේ අවසාන දින කිහිපය විය හැකියි.
-සටහන - මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වසංගතයෙන් මිදෙන්න සරල පුරුදු කිහිපයක්