IMG-LOGO

ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට කොරෝනා ඉතා අවදානම්

(පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා)

රට පුරා ශ්‍රීග්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගත රැල්ල එන්නත්කරණය මගින් යම් දුරකට මර්දනය වුවත් එහි අවදානම තවමත් අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් පොදුවේ කාටත් අවදානම පවතින අතර ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ඇති අවධානම සුළුවෙන් තැකිය නොහැකිය.

ගර්භණී කාන්තාව තම කුසෙහි දරුවකු දරා සිටින බැවින් විශේෂයෙන්ම ආරක්ෂා විය යුතු සහ සමාජයේ රැකවරණය දැඩිව ලැබිය යුතු කාලයකි. ඇය ආහාර පාන, ගමන් බිමන්, ඇඳුම් පැළඳුමෙන් පවා පරෙස්සම් විය යුතු කාලයකි. වසංගත රෝගයක් රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙවන් කාලයකදී ඇය – ඇය ගැනත් දරුවා ගැනත් අන් කවරදාටත් වඩා සිහිකල්පනාවෙන් සිටිය යුතු වේ.

ගැබිණි සමයේදී කොවිඩ් ආසාදනය වුව හොත් සංකූලතා රැසක්ම ඇති විය හැකියි. මෙහිදී මව පමණක් නොව කුසෙහි සිටින දරුවාටද බලපෑම් ඇති වේ.

කොවිඩ් නව ප්‍රභේදය පළමු සහ දෙවැනි රැල්ලට වඩා වෙනස් වේ.එසේම කොරෝනා අලුත් ප්‍රභේද පවා වාර්තා වී ඇත. නව වයිරස් ප්‍රභේදය ගර්භණී කාලයේ පළමු සති 28 ඇතුළත වැළඳුනහොත් ආසාදිතයන්ගෙන් සියයට 80කට පමණ රෝග ලක්ෂණ මතු නොවේ. එහෙත් පී.සී.ආර්. මගින් එය සනාථ කර ගත හැකිය. ගබ්සා වීමේ හැකියාව හා දරුවාට ඇති වන සංකූලතා මුල් සති 28දී අඩු වුවත් දෙවැනි සති 28 දී සංකූලතා වැඩියි. එවැනි අය කොවිඩ් ආසාදිතයිනම් වඩාත් පරෙස්සම් විය යුතුයි.

ඒවගේම අධික රුධිර පීඩනය, දියවැඩියාව, වයස අවුරුදු 35ට වැඩි හා අධික තරබාරු ගැබිණි මවුවරුන්ට සංකූලතා වැඩි විය හැකිය. ස්වසන අපහසුතා, උණ නිවුමෝනියාව පවා ඇති වේ. මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරයිනම් එවන් රෝගීහු ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වේ. හුදෙකලා කර ඇති ප්‍රදේශවල අයට රෝග ලක්ෂණ මතු වුව හොත් පවුල් සෞඛ්‍ය සේවා නිලදාරී දැනුම්වත් කිරීම හෝ සායනයට දුරකතන ඇමතුමක් ලබා දී උපදෙස් ගැනීම කරන්න.දරුවාගේ චලන අඩු වීම, රුධිර වහන,ප්‍රසව වේදනා ඇති වුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් ගන්න. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, මස් පිඩු වේදනා ඇති වුව හොත් ප්‍රදේශයේ නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු වී පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්ය.

එසේම ඇයගේ තත්ත්වය මත ඇයගේත් දරුවාගේත් ආරක්ෂාව උදෙසා සාමාන්‍ය දරු උපත්වලට වඩා සිසේරියන් සැත්කම් සඳහා මේ වනවිට වෛද්‍ය උපදෙස් මත යොමු වෙමින් පවතී. රෝග පාලන හැකියාව අඩු වීමෙන් රෝගීන් බොහොමයක් වාර්තා වෙන මේ කාලයේදී ඇය උදෙසා විශේෂ පහසුකම් සැලසීමට සිදුවේ. රෝග පලන හැකියාවේ මඳකම නිසාවෙන් නිව්මෝනියා තත්ත්වයට පත් වීම ,දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිමට පවා සිදුවිය හැකියි. අනෙකුත් රෝගීන් සමග ඇයට විශේෂ රැකවරණයක් ලබා දීමට සෞඛ්‍ය අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට පවා සිදු වේ.

එබැවින් මෙම සමයේදී ඇය ගමන් බිමන් සීමා කරනවානම් සෙනඟ ගැවසෙන තැන් මඟ හරිනවානම් වඩාත් සුදුසුය. සෞඛ්‍ය උපදෙස් ගරු කරමින් අත්‍යවශ්‍ය ගමන් බිමන් එනම් සායන වැනි දේවලට පමණක් යොමු වන්න. ගැබිණි මව පිටතට යාමේදී නිවැරැදි ආකාරයෙන් මුඛ ආවරණ පැළැඳිය යුතුයි. සමාජ දුරස්තභාවයද රැකෙන පරිදි කටයුතු කළ යුතුයි. පිටතට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට වගබලා ගන්න. එමෙන්ම ගැබිණි මවුවරු සේම කුඩා දරුවන්ද ස්වසන ආසාදන ඇති පුද්ගලයන් අසලට යෑමෙන් වැලකිය යුතුවේ.

රාජකාරී කරන ගැබිණි මවක් නම් නිවසේ සිට රාජකාරී ක්‍රමවේදය සකසා ගත හැකියි.

නිවසේදී පිළියෙළ කළ ආහාර පමණක් ඇය පරිභෝජනය කළ යුතුවේ. කඩ කෑම හෝ පිටස්තර පුද්ගලයන් ලබා දෙන ආහාර පානාදියෙන් වැලකිය යුතු කාලයකි. හොඳ සමබල ආහාර වේලක්, පලතුරු යනාදිය දෛනික ආහාර වේලට එකතු කර ගත හැකිය.

තම පවුලේ සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් කුඩා දරුවන්ට එය ඉතා ඉක්මනින් සම්ප්‍රේශනය විය හැකි ප්‍රධානතම මාර්ගයයි. එවැනි තත්ත්වයක් තුළ කුඩා දරුවන් සිටීනම් කොරෝනා රෝගීන්ගෙන් ඈත් කොට තබන්න. නොදන්නා බාහිර පිරිස් ,පිටස්තර දරුවන් සමග තම දරුවා ගැටීමට ඇති අවස්ථා දුරලන්න. එසේම මෙම වකවානුවේදී දරුවන් සමග අනවශ්‍ය ආකාරයේ විනෝද ගමන් යාමෙන් වලකින්න. උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත දරුවා නිවස තූළම රඳවා ගන්න. අත්‍යවශ්‍යම කරුණකට දරුවා පිටතට ගෙන යාමේදී බාහිර පිරිස් ,බාහිර දෑ ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදෙන්න. දරුවා ඇස්,මුඛය,නාසය ඇල්ලීමට ප්‍රථම සබන් යොදා හොඳින් දෑත් සේදීමට දරුවා හුරු කරන්න.

පාසල්ල ළදරු පාසල් සේම අමතර පන්ති පවා නතර කර ඇති මෙම කාලය දරුවා නිවස තුළම රඳවා තබා ගැනීමට පහසු වනු ඇති. මවුපියන් බොහොමයක්ම නිවසේ සිට රාජකාරී කටයුතුවල නියැළීම හේතුවෙන් අන් දිනවලට වඩා දරුවන් ගැන නිරන්තර අවධානය ලබා දීමටද පහසුවකි.

මේ සමයේදි රෝගී හෝ නිරෝගී දරුවකුට වුවද ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන ලබා දිය යුතුමයි. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් දරුවාට ලබා දෙන්න.

දිනපතා හොඳින් පිරිසුදු ජලය පානය කිරීමට දරුවා උනන්දු කරන්න. හොඳින් නටවා ගත් උණුසුම් ජලය පානය කිරීමට සුදුසු උෂ්ණත්වයක් යටතේ ලබා දිය හැකියි. ඒ වගේම බාහිර පිරිස් ලබා දෙන ආහාර , පිට තැන්වලින් සැකසෙන ආහාර නතර කළ යුතුයි.ඒ වෙනුවට නිවසේ පිසින ලද ආහාර ලබා දීමට ප්‍රථම හොඳින් රත් කර ලබා දෙන්න. ශීත කළ ආහාර , පිසගත් සිසිල් වූ ආහාර ලබා නොදෙන්න.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව පවතින දරුවන්ට වුවද ලබා දිය යුත්තේ හොඳින් රත් කළ ආහාර සේම උණුසුම් ජලයයි. දරුවාගේ ආහාරයට හොඳින් එළවළු පලතුරු එකතු කරන්න. මේ කාලයේදී වීශේෂයෙන් විටමින් සී බහුල ආහාර ලබා දීමට මතක තබා ගන්න.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අපි සියලු දෙනාම පසුගිය කාලයේදී අත් දුටුවෙමු. එබැවින් සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (1)

ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට කොරෝනා ඉතා අවදානම්

දිමුත් Thursday, 29 July 2021 09:47 AM

අවදානම් නම් ඇයි මේ පාසල් විවෘත කරන්න හදන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site