IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතා අවදානම් කොවිඩ් ’ඩෙල්ටා’ ගැන ඔබ දැනුම්වත්ද

ඉන්දියාව පුරා ඉතා වේගයෙන් පැතිරී ගිය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතවූවන් පසුගියදා මෙරටින් වාර්තා වීමත් සමග වසංගතයේ දරුණු බව වඩාත් පැහැදිලි විය.

මෙරටේ පැවැති ප්‍රභේදවලටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වෙන නව ඩෙල්ටා ප්‍රභේදය නිසා කොවිඩ් පැතිරීමේ අවදානමද තීව්‍ර විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පැතිර ගිය අනෙකුත් ප්‍රභේද සේම ඩෙල්ටා ප්‍රභේදයෙත් පැතිරීම අවම කිරීමට නම් ජනතාව ලෙස අප ගත යුතුම තීරණාත්මක සාධකය වන්නේ අවදානම් අවස්ථා මඟ හැර සිටීමයි.

එනම් සෙනඟ බොහොමයක් දෙනා ගැවසෙන තැන් , මනා වාතාශ්‍රයක් නොලැබෙන පරිදි ජනෙල් දොරවල් වසා ඇති ස්ථාන , මිනිසුන් එකිකො ආසන්නයේ ගැවසීමට සිදුවන අවස්ථා ඔබට මඟ හරවා ගත හැකියි.

මෙමගින් ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි ව්‍යාප්තිය මත රට දැඩි වසංගත තත්ත්වයකට ඇද වැටීම සිදු නොවනු ඇත.

කිසියම් පුද්ගලයකුට නොවැළැක්විය හැකි හේතුවක් මත මෙවැනි ස්ථානයකට යාමට සිදුවුව හොත් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුව කටයුතු කළ හැකි වනු ඇත. එනම් නිවැරැදිව මුව ආවරණ පැළඳීම , නිතරම දෑත් පිරිසුදුව තබා ගැනීම ,පුද්ගලයන් අතර අවම වශයෙන්වත් මීටර් දෙකක දුර පවත්වා ගැනීම වැනි ක්‍රියා මාර්ග ඔබට අනුගමනය කළ හැකියි.

යම් හෙයකින් ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රතිකාර ගැනීමට මිස නිකරුණේ නිවසින් පිටතට නොයන්න. මෙය ඔබගේ සමාජ වගකීමක් බව තරයේ මතක තබා ගන්න.

එසේම ඔබ මේ වනවිට එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයකු විය හැකියි. එන්නතේ ආරක්ෂාව මත දැඩි සත්කාරවල අවශ්‍යතාව, මාරාන්තික වීමේ අවදානම අඩු වුවද ඔබගෙන් ඔබේ ආදරණීයන්ට රෝගය සම්⁣ප්‍රේෂණය විය හැකියි.

එනම් ඔබටත් කොවිඩ් වැළඳීමේ යම් අවදානමක් පවතී. එබැවින් සංචරණ සීමා ලිහිල් කෙරෙන කවර අවස්ථාවකදී වුව ඉහත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිපැදීම තුළින් වසංගත උවදුර මැඩලීමට ඔබට ඇති වගකීම ඉටු කරන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

ඉතා අවදානම් කොවිඩ් ’ඩෙල්ටා’ ගැන ඔබ දැනුම්වත්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site