IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඖෂධ ගබඩාවලත් නැති ඖෂධ

ලෙඩ රෝග වැළඳුණු පමණින්ම සුව වන්නේ නැත. රෝගාබාධවලට ගොදුරු වීම පහසු වුවද ඒ මාර්ග අසුරා තැබීම ඊටත් වඩා ලෙහෙසිය.

තම මුදල් වැය නොකොට ,කිසිඳු ඖෂධයක භාවිතයක් නැතුව කාලය ගෙන හොඳින් සිතා බලා අපේ ජීවන රටාව පහත පුරුදුවලින් පුරවා ගතහොත් ඒ පුරුදු ක්‍රියාත්මක කළහොත් ඔබ අප මෙන්ම සමාජයක්ම ලබන ප්‍රතිලාභය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

අද අපි දැන ගනිමු ,ඖෂධ ගබඩාවලත් නැති ඖෂධ මොනවාද , එකී ඖෂධ භාවිත කරන්නේ කොහොමද කියන කාරණාව.

♦ ව්‍යායාමය , උපවාසය ,පවුලේ අය සමඟ එකට ආහාර ගැනීමත් හොඳ ඖෂධ තුනකි. සිරුර නිරෝගීව තබන මෙම ඖෂධවලට මුදල් අවශ්‍ය නොවේ. අවැසි වනුයේ කාලය පමණි.

♦ සිනහව සහ හාස්‍යයද වටිනා ඔසුවකි. මේ ද්විත්වය එක්තැන් වූ කල දුක් වීමට හේතුවක් නිර්මාණය නොවනු ඇත. සිත සතුටින් ඇති තාක් ලෙඩ රෝගවලට ඉඩක් නැත.

♦ ගැඹුරු නින්දද හොඳ ඖෂධයකි. කඩින් කඩ ඇහැරෙන නින්දකට වඩා එක දිගට ගන්නා සැප නින්ද මනසට මනා විවේකයකි.

♦ සියලුම දෙනා සමඟ සුහදව සිටීම, සතුටින් සිටීමට තීරණය කිරීම මෙන්ම මනසෙහි ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීමද බොහෝ රෝගවලට ඇති ප්‍රතිකර්මයකි. සතුටින් සිටීමට හේතු කාරණා සොයා ගත යුත්තේද අප විසිනි. ඔබ ගැන වඩා හොඳින් දන්නේ ඔබම නිසා තමාව සතුටු කළ හැක්කේද තමාටමය. සතුටින් විසීමට හැකි හේතු කාරණා සොයා යාමත් අසුබවාදී සංකල්ප බැහැර කර ධනාත්මකව සිතුම් පැතුම් අවදි කර ගත හැක්කේත් තමාටමය.

♦ සියලුම දෙනාට යහපත පැතීමත් ඖෂධයකි.

♦ සමහර විට නිශ්ශබ්දතාව පවා ඔසුවකි.

♦ ආදරය හොඳම බෙහෙතකි.

♦ සිතේ ශාන්තිය ඖෂධයකි.

♦ සෑම හොඳ මිතුරකුම පරිපූර්ණ ඖෂධ ගබඩාවකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ඖෂධ ගබඩාවලත් නැති ඖෂධ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 233 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site