IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වයිරසයෙන් බේරෙන්න නොපමාව එන්නත ලබා ගන්න

(අංගොඩ, බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම)

ආසාදිතයන් සහ රෝග සංකූලතා වැඩියි....

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබේ. එනම් දෛනිකව වාර්තා වෙන ආසාධිතයන්ගේ අවමය දෙදහස පන්වයි. තවද රෝග ලක්ෂණවල වැඩි වීමක් සහ රෝගය පැතිර යාමේ ශීඝ්‍රතාවක්ද දක්නට ලැබේ. කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්ව ඇතැයි අනුමාන කෙරේ. ඒ මන්ද රෝගීන්ගෙන් බහුතරයක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෝය. ⁣

දිවයින පුරා ව්‍යාප්ත වුණොත් භයානකයි.....

මේ වනවිට බස්නාහිර පළාත මෙන්ම උතුරු මැද පළාතෙත් ආසාධිතයන් වැඩි වශයෙන් වාර්තා වෙන අතර ඉදිරියේදී දිවයිනේ සෙසු පළාත් අතරද ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමේ අවදානම ගැන සුළුවෙන් තැකිය නොහැකිය. එමෙන්ම උද්ගතව ඇති තත්ත්වය ඉදිරි දිනවලදී හැම පළාතකින්ම වාර්තා වුවහොත් වසංගතය මර්දනය කිරීම අභියෝගයක් වනු ඇත.

රෝහල්වල ධාරිතාව ඉක්මවලා.....

දැනටමත් වාර්තා වී ඇති පරිදි රෝහල් කිහිපයකම කොරෝනා වාට්ටු ලෙඩුන්ගෙන් පිරී පවතින අවදියක තවත් ආසාධිතයන් එකවර වැඩිවීම සෞඛ්‍ය අංශවලට දරා ගැනීම අපහසු වේ.

පසුගිය වසරේ කොරෝනා පළවැනි රැල්ල ඇතිවූ මැයි මාසයට වඩා අද වනවිට තත්ත්වයේ වර්ධනයක් ඇති බව කාටත් දැනෙන කරුණකි. ඒ කොරෝනා වයිරසයේ නව ප්‍රභේද හමු වීම, රෝගීන්ගේ සංකූලතා ඉහළ යාම සේම ව්‍යාප්තියේ වේගවත් භාවය නිසාවෙන් දෛනිකව වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.එමෙන්ම ගිය වසරේ සිට ඉතා අවම මට්ටමක පැවැති කොරෝනා ආසාධිතව මිය යන්නන්ගේ ප්‍රතිශතයද අද වනවිට ඉහළ ගොස් ඇත.

එන්නත මඟ හරින්න එපා....

පවතින දැඩි වසංගතකාරී තත්ත්වය මර්දනය කිරීම උදෙසා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මේ වනවිට අරඹා ඇත. ප්‍රතිශක්තීකරණය සඳහා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත යුතු වේ. ඒ්ත් තවමත් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන්ගේ සමස්තය ගෙන බැලුවොත් අපට සෑහීමකට පත් විය හැකිද යන්නත් ගැටලුවකි. වත්මන් වසංගත තත්ත්වය හමුවේ එක් මාත්‍රාවක ආරක්ෂාව පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් මාත්‍රා දෙකම ලබා ගැනීමට උනන්දු විය යුතුය.

ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ සති දෙකකින්....

කොවිඩ් එන්නතේ මාත්‍රාවක් ලද විගසින්ම ප්‍රතිශක්තිය ඇති නොවන අතර ඒ සඳහා අදාල මාත්‍රාව ලබා සති දෙකක පමණ කාලයක් ගතවේ. ඒ වගේම මාත්‍රා දෙකම ලබාගත්තද සෞඛ්‍ය අංශ විසින් නියම කොට ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනද එයාකාරයෙන්ම පිළිපැදිය යුතුය.

සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද එන්නත්කරණයට සාපේක්ෂව සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රම භාවිතයේ අත්‍යවශ්‍ය බවද අවධාරණය කොට ඇත. ඒ අනුව නිවැරැදි ආකාරයෙන් නාසය සහ මුඛය ආවරණය වන පරිදි මුව ආවරණ පැළැඳීම, සබන් ගා හොඳින් දෑත් පිරිසුදු කිරීම, සමාජ දුරස්ථභාවය රැකීම සේම සෙනඟ ගැවසෙන සංවෘත ප්‍රදේශවල රැඳී සිටීම හැකිතාක් අවම කිරීමත් අනුගමනය කළ යුතු ප්‍රධාන සෞඛ්‍ය පුරුදු අතර වේ.

අනවශ්‍ය ගමන් නවතා නිවෙසට වී හිඳින්න....

රට හුදෙකලා බවින් තොර වීම සහ පළාත් අතර සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ තදාසන්න ප්‍රදේශ ජනාකීර්ණ වීම කොරෝනා වසංගතය ඔඩු දිවීමට තවත් හේතුවකි. එබැවින් අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කර නිවසට වී රැඳී සිටීම මේ මොහොතේදී කළ යුතු අත්‍යවශ්‍ය කරුණකි.

එමෙන්ම නිවසින් පිටතදීත් නිවසට ඇතුළු වීමේදීත් නිසියාකාරයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අවනත වීමද ඉතා වැදගත්ය. ඔබේ ආදරණීයන්ගේ ජීවිතවල සුරැකිතාව උදෙසා රෝග වාහකයකු නොවී රෝග මර්දනය සඳහා ඔබට ඇති සමාජයීය වගකීම ඉටු කරන පුද්ගලයකු වන්න.

කොරෝනා සිව්වැනි රැල්ලේ රතු එළි

පවතින දැඩි වසංගතකාරී තත්ත්වය මර්දනය නොවී දිනෙන් දිනම වසංගත ව්‍යාප්තිය දරුණු අතට පත් වීම කොරෝනා සිව්වැනි රැල්ලේ ආරම්භය විය හැකියි. එවිට අපි අද ගත කරමින් සිටින්නේ කොරෝනා සිව්වැනි රැල්ලේ මුල් අවදියයි.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් බේරෙන්න නොපමාව එන්නත ලබා ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31288 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13480 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site