සමාජයේ බොහෝ දෙනෙක් වර්තමානය ඉතා වෙහෙසකර මෙන්ම කාර්යබහුල ලෙස ගෙවා දමති. යන්ත්‍ර සූත්‍ර මෙන් එකදිගට පැය ගණනාවක් පුරා එකම රාජකාරියේ යෙදීම තුළ නිරෝගීසම්පන්න භාවයත් ගිලිහී යයි. ඒ කලට වෙලාවට ආහාර ගැනීම අතපසු කිරීමත් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථවල හීන වීමත් නිසාවෙනි. ඒ අතර නිර්මාංශ පිරිස්ද නැතුවාම නොවේ. නිර්මාංශ වීම හොඳද, එමගින් සිරුරට ලැබෙන වාසි මොනවාද යන්න පහත ලිපියෙන් විමසා බැලේ.

1)  ශරීර බර පවත්වා ගෙන යාමට පහසුවකි

අධි තරබාරුව,ස්ථුලතාවෙන් පෙළෙන පුද්ගලයන්ට නම් නිර්මාංශ වීම තම අරමුණු කරා ළං වීමේ උපක්‍රමයකි.

2)  දියවැඩියා රෝග තත්ත්වයෙන් මිදීමට ආරක්ෂිත ක්‍රමෝපායකි.

3)  රුධිර පීඩනය පාලනය කරයි

4)  හෘදය වස්තුවේ නිරෝගීතාව රැක දේ.

මේදය වැනි සංඝටක රහිත වීමම හෘදයවස්තුවේ සෞඛ්‍යයට බෙහෙවින් හිතකර වේ.

5)   ඇදුම වැනි රෝග ඉස්මතු වීමට ඉඩකඩ ලබා නොදේ

6)  පිළිකා අවදානම අවම කෙරේ. බෝ නොවන රෝග අතර මුල් පෙළේ රෝගාබාධයක් ලෙස වැඩිම පිරිසක් වසරකට ගොදුරු කර ගන්නා පිළිකා රෝගය වැළඳීමේ සම්භාවිතාව අවම වී යයි.

7)  නිදන්ගත රෝග පීඩාදිය අඩු කෙරේ.

සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීම සුදුසු යැයි ඉස්මතු නොකෙරෙන අතර මඟ හැරෙන පෝෂණ සංඝටකවල අවශ්‍යතාවත් සුපුරා ගැනීම කළ යුතුවේ. එබැවින් විවිධ ආහාර හරහා ඒ පෝෂණ අවශ්‍යතාවත් ලබා ගැනීමට උනන්දු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න