IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජිවිතය පවා අහිමිකරන ආඝාතය තත්ත්වය

ආඝාතය හෙවත් (stroke) යනු මොළයට ලේ සපයුම ඇනහිටීම හේතුවෙන් මොලයෙ සෛල මැරී යාම නිසා ඇතිවන අවදානම් තත්ත්වකි. 

මෙය ජීවිත අවදානමක් සහිත තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි අතර වසරකට මිලියන 13ක් පමණ ආඝාත තත්ත්වයට පත්වෙති.

ආඝාත තත්ත්ව දෙවර්ගයක් හඳුනා ගත හැකිය.

හෙමොරෝජික් තත්ත්වය

මොලයේ රුධිර නාලිකාවක් පිපිරීම හේතුවෙන්  මොලයට ලේ ගැලීමක් සිදු වීමය.

ඉස්කීමික් තත්ත්වය

මොළයේ රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන ආඝාත තත්වයකි.

ආඝාත තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?

මුහුණ එක පැත්තක් එල්ලා වැටීම.

අත්වල දුර්වල බව සහ අත් ඔසවා ගැනීමට නොහැකි වීම.

කතා කිරීතා කිරීමේ අපහසුව සහ වචන පැටලීම දැකිය හැක.

ඔබගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වේ.

මෙවැනි තත්ත්වයක් තුළ දී රෝගියා ගේ ජීවිත අවදානම අවම කරගැනීමට සහ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යථාතත්වයට පත් කර ගැනීම සඳහා අඩු කාලයක් ඇතුලත ඇතුළත රෝගියා රෝහල වෙත රැගෙන යෑමට වගබලා ගත යුතුය. 

ආඝාත තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන් හැටියට වයස්ගතවූවන්,  පරම්පරාගත ආඝාත තත්වයන් ඇති පුද්ගලයන් මෙන්ම හෘද රෝගී තත්වයන් ඇති පුද්ගලයන් දැක්විය හැකිය.

ආඝාත තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ පිරිමි පුද්ගලයන්ට ය. 

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා දුම්පානය නතර කිරීම, රුධිර  පීඩනය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සහ රුධිර  පීඩනය අවම කර ගැනීමට කටයුතු කිරීම වැදගත් ය. 

එමෙන්ම දියවැඩියාව ඇති පුද්ගලයන් ආහාර, ව්‍යායාම සහ ඖෂධ වලින් දියවැඩියාව රෝගී තත්ත්වය පාලනය කර ගත යුතුය. 

එමෙන්ම බර පාලනය කර ගැනීම, මත්පැන් වලින් හැකිතාක් දුරට ඈත් වී සිටීම සහ  ලුණු සහිත ආහාරවලින් වැළකී සිටීම මගින් ආඝාත තත්වයන් බොහෝ දුරට වැළකී සිටීමට ඉවහල් වේ.

(කාල්බේ සමාජ සත්කරක පුවරුව ඇසුරිනි) 

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

ජිවිතය පවා අහිමිකරන ආඝාතය තත්ත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site