
(ඉන්දිකා රාමනායක)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඇය සම්බන්ධයෙන් ඊයේ (09) සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ දී මේ බව තහවුරු වූ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසීය.
පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම සේවිකාව බොරැල්ලේ තාවකාලිකව නවාතැන් පොලක නවාතැන් ගෙන සේවය කරන්නියක් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොරෝනා ආසාධිත සේවිකාව මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මෙච්චර තදේට කොරෝනා පැතිරෙද්දිත් ඇඳිරි නීතිය.., ලොක්ඩවුන් ගැන කතා නෑ. මොකද ඡන්දෙ ඉවරයිනේ...
දේශපාලන හෝ ආර්ථික තීන්දු නෙමෙයි ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන මුල්තැන දෙන තීන්දු ගන්න. එහෙම තීන්දු ගන්නේ ඡන්දේ කාලෙට විතරද?
ලෝකයේම රටවල් ලොක්ඩවුන් කළේ පළමු නිරාවරණයේදී පමණි. දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න ජනතාව හුරුවෙලා නිසා සියදිවි නසාගැනීම්, මානසික ආබාධ අඩුවෙලා..