(විනීතා එම් ගමගේ)
සෑම පාසලකම සිසුන්ගේ පැමිණීම ආරම්භ වීමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
පාසලේ දී හදිසියේ දරුවකු රෝගී වූ අවස්ථාවක වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන තෙක් රදවා තබාගැනීමට මෙම කාමරය යොදා ගත යුතු බවත් මිශ‍්‍ර පාසල්වල බාලක බාලිකාවන්ට වෙනම කාමර තිබිය යුතු බවටත් අමාත්‍යංශය උපදෙස් දෙයි.
ගිලන් කාමරය මනාලෙස ආලෝකය හා වාතාශ‍්‍රය පවතින, අත් සේදීමේ පහසුකම් සබන් යනාදිය ඇති, ඇදක් බීමට සුදුසු ජලය හා ප‍්‍රථමාධාර පෙට්ටියක් මෙන්ම දොරක් හෝ අන්අයගෙන් වෙන් කිරීමේ තිරයක් සහිත කාමරයක් විය යුතු බව ද හැකි නම් එහි බද්ධ වැසිකිලි පහසුකම් සපුරාලිම වැදගත් බවත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද උපදෙස් සංග‍්‍රහයේ සදහන් වේ.
කෙසේ වෙතත් සිසුන් 50 ට අඩු පාසල්වලට ගිලන් ඇදන් එකක් ද, 50 සිට 500 දක්වා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් දෙකක් ද, 501 ට වඩා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් 3 ක් ද අවම වශයෙන් තිබිය යුතු බවද එහි සදහන් වේ.
සෑම පාසලකම ගිලන් කාමර දිනපතා දෙවරක් ද රෝගියෙකු රැදී සිට පිටව ගිය වහාම ද සෝදා හැරිය යුතු බවත් එහිදී විෂබීජ හරණය වන අන්දමින් පිරිසිදු කිරීමට වග බලාගත යුතු බවත් එම උපදෙස්වල සදහන් ව ඇත.
කල් තබා හදුනාගත් රෝගී තත්ත්වයන් සහිත අය ගිලන් කාමරයේ රදවන බැවින් භාරකරුවන් හා සෞඛ්‍ය සේවක පිරිස් ආරක්ෂිත උපකරණ කට්ටල, අත්වැසුම් හා මුහුණු ආවරණ සහිතව පමණක් එම කාමරයට ඇතුල් විය යුතු යැයි ද එහි සදහන් වේ.
විදුහල් ආරම්භ කරන මේ මස 29 වැනිදා සිට සිසුන් ගේ පැමිණීම ආරම්භ වන ජුලි 06 වැනිදා දක්වා කාලය තුළ මෙම පහසුකම් සකස් කර අවසන් කළ යුතු යැයි ද පාසල්වලට උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පාසල්වල හරිහමන් වැසිකිළියක් නැහැ. බොන්න වතුර නැහැ. ළමයි 3000ක් ඉගෙන ගන්න පාසල්වල තියෙන්නෙත් වැසිකිළි 3යි.. ඒවත් අපාය වගේ..
ඊට කලින් වැස්සට තෙමි තෙමී, අව්වට වේලි වේලි ගස්යට අකුරු කරන ළමයින්ට යන්න පාසල් ගොඩනැඟිල්ලක් හදලා දුන්නොත් නරකද?
mohomad, ඔයාටයි මටයි පමණයි මේ අවශ්‍යතාවය පෙනෙන්නේ. පළමුවෙන් කලයුත්තේ පිරිසිදු ජලය සහ වැසිකිලි පහසුකම් සැපයිය යුතුය.
ලක්ෂ ගණනින් මහජන බදු මුදලින් පඩි ගන්නා දේශපාළුවන්ට, නිලධාරීන්ට සහ උපදේශකයින්ට ලංකාවේ බහුතරයක් පාසල්වල ඇත්ත තත්වය ගැන අවබෝධයක් නෑ. අගනුවර හා නගරාශ්‍රිතව ඇති සුපිරි පාසල් මිම්මෙන් සිතා සියලු තීන්දු තීරණ ගැනීම පමණක් සිදුකරනවා. පන්ති කාමර නැතුව ගස්යට අකුරු කරන පාසල් සහ පොල්අතු, ඉටිරෙදි කැබලිවලින් ආවරණය වුණු පන්ති කාමරත් අත් සේදීමට තබා බීමටවත් වතුර නැති පාසලුත් බොහොමයක් තාමත් ලංකාවේ ඕනෑතරම් තියෙනවා. හැම දේකටම හුරේ දමන වහලුන්ට ඇරෙන්න මහ පොළවේ පය ගසා ජීවත් වෙන මිනිස්සුන්ට නම් මේ තීන්දු තීරණ ගැන ඇත්තේ කල කිරීමක් විතරයි.
හොඳ නරක දෙකම සිදුවෙන්න පුළුවන්... ගුරුවරු දරුවො දෙගොල්ලොම විශ්වාස කළ නොහැකි කාලයක්... හොඳින් සැලකිලිමත් වෙන්න වෙයි. දිනපතා එක මවක් පියෙක් තියන්න වෙයි පාසලක..