(ජේ.කේ.එල් චාමින්ද)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන හබරාදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 10කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකි උපදේශකවරයා සමිපව ඇසුරුකළ පුද්ගලයින් 16 දෙනෙකු අද (12) දින පි. සි.ආර් පරීක්ෂණ වලට යොමු කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය නිලධාරිවරයා සදහන් කළේය. කොරෝනා ය ආසාදනය වි ඇති මෙකී උපදේශකවරයා 35 හැවිරිදි වියේ පසුවන හබරාදුව අත්තරගොඩ තල්පේ හිනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පී. සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී. සී. ආර්. පරීක්ෂණ කටයුතු සඳහා මොහුගේ ජෛව සාම්පල් ලබාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකොට ඇත. මෙකී උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත්කොට යැවීමට පියවරගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මෙකි උපදේශකවරයාගේ බිරිද ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක සේවය කරණ ගුරුවරියක් වන අතර ඇය එක් දිනක් එම පාසලට ගොස් ඇත. ඇය ද පී. සී. ආර්. පරීක්ෂණ කටයුතු සදහා යොමු කිරීමට නියමිතව ඇත. ඇය සමීපව ඇසුරුකළ සමීපතයින්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇති බව ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ගොනාපිනුවල ප්‍රදේශයේ පදිංචි මෙකි පාසල් ගුරුවරියගේ මව පියා හා සහෝදරිය ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවද ගෝනපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හබරාදුවේ 30ක් නිරෝධායනයට